වසර 31කට පසුව ඔස්ට්‍රේලියා කණ්ඩායමක් පරාජය කර එක්දින තරගයක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත්විය.
ඒ හරාරේ හි පැවැති තරකයකදී ඔස්ට්‍රේලියා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 210ක ඉලක්කය පන්දුවාර 48කදී පසුකර යමිනි.
ලකුණු 210ක ඉලක්කයක් හඹාගිය සිම්බාබ්වේ කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දීමට ආරම්භක පිතිකරු යුගලය ටිනෝ මවෝයෝ හා සිකන්ධර් රාසා සමත්විය.
නැවතත් බ්‍රෙන්ඩන් ටේලර් හා හැමිල්ටන් මැසකඩ්සා තෙවැනි කඩුල්ලට ලකුණු 56ක සබඳතාවක් ගොඩනගමින් සිමිබාබ්වේ කණ්ඩායම ජයග්‍රාහී මාවතට ගෙන ආවේය. ලකුණු 156ක් වන විට ඔවුන්ගේ හත්වැනි කඩුල්ලද බිඳ වැටුණි.
නමුත් නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ එල්ටන් චිකුන්බුරා නොදැවී ලකුණු 52ක් රැස්කරමින්, ප්‍රොස්පර් උට්සේයා හා එක්ව සිම්බාබ්වේ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.