ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර තීරණාත්මක ටෙස්ට් තරගය ධර්ම්ශාලා ක්‍රීඩාංගණ්යේදී ආරම්භවිය.
මෙම තරගය ජයගන්නා කණ්ඩායමට ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණය හිමි වන අතර, ඒ හේතුවෙන් කණ්ඩායම් දෙකම දැඩි පීඩනයකින් සිටියි.
මේ අතර ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් හා නිලධාරීහු පසුගිය සිකුරාදා දිනයේදී ධර්ම්ශාලාවලදී ටිබෙටයේ ආධ්‍යාත්මික නායක දළයි ලාමා තුමා හමු වූහ.
මෙම හමුවීමෙන් පසුව ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මිත් පැවසුවේ එම හමුවෙන් පසු තමන්ට සුව නින්දක් ලැබෙනු ඇති බවයි.
“ඊළඟ දින පහේදී මට සතුටින් නිදාගත හැකි වේවි. ඔහු අපිව තරමක් නිස්කලංක කළා. ඒක අපි හැමෝටම ශ්‍රේෂ්ඨ අත්දැකීමක්” යනුවෙන් කියා සිටියේය.
ඉන් අනතුරුව ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ක්‍රීඩකයන් යොමුකළ ප්‍රශ්න සඳහා දළයි ළාමාතුමා පිළිතුරු ලබාදුන්හ.
සාමාන්‍යයෙන් ධර්ම්ශාලා පිටියෙදි ක්‍රිකට් තරග පැවැත්වෙන විට ඒවා නැරඹීමටත් ක්‍රීඩකයන් හමුවීමටත් දළයි ළාමා තුම කටයුතු කරති.