ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ මේ දක්වා සියලු දේ සිදුවූ ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා තාවකාලික පුහුණුකරු නික් පෝතාස් සතුටෙන් සිටියි. නමුත් තවත් දවස් තුනක් තරගය පැවැත්වීමට නියමිත හෙයින් ඔහු වැඩි තක්සේරුවක් කිරීමට කටයුතු නොකළේය.
“අපි මේ දේ අඛණ්ඩව කරගෙන යන්න හදන්නේ. ඒක රොකට් විද්‍යාවක් නෙමෙයි. අපි පසුපසට ගිහින් නියමිත ස්ථානයට පන්දු යැව්වා. විශ්වාස කරනවා ඉදිරි දිනත් අපට වැඩ කරාවි කියා. මේ දක්වා සිදුවු දේවල් ගැන අපි සතුටු වෙනවා. ඒක පිතිකරුවන්ට අභියෝගාත්මක විකට්ටුවක්. නමුත් ඔබ තවදුරටත් එහි ගොස් ඔබගේ රාජකාරිය ඉටුකළ යුතුයි.”
“දෙවැනි දිනයේදී අපි ගොඩක් දේවල් බලාපොරොත්තුවෙන් සිටියේ. තවමත් තරගය පැරණි නෑ. අපි දින දෙකයි ක්‍රීඩා කළේ. මේ ඉන්න තත්ත්වය ගැන අපි සතුටුයි. නමුත් ඉන්දීය කණ්ඩායම සමග බැලු විට මෙයින් සතුටු වෙන්න බෑ.”
ඉන්දීය කණ්ඩායමේ මුල්පෙල විනාශ කරමින් පන්දුවාර 11කදී ලකුණු 5ට කඩුලු 3ක් දවාගත් සුරංග ලක්මාල්ව අගයීමට පෝතාස් අමතක නොකළේය.
“ ඔහු බුද්ධිමත් පන්දු යවන්නෙක්. ඔහු ගොඩක් පරීක්ෂණ කරනවා. ඔහු දන්නවා ඔහුගේ කාර්ය කොහොමද කළමණාකරනය කරන්නේ කියා. එය ජාත්‍යන්තර පන්දු යවන්නෙකුගේ ලක්ෂණයක්. ඔහු හොඳින්ම වර්ධනය වෙලා ඉන්නේ. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේදී අනෙක් ක්‍රීඩකයන් වර්ධනය වෙන නිසා ඔබත් වර්ධනය විය යුතුයි. එහෙම නැත්නම් ඔබට වර්ධනයක් ලබාගන්න බෑ”