මිටිය විසිකිරීම කාන්තා ඉසව්වෙන් නව ශ්රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ශ්රී ලංකා යුද හමුදාවේ ඒ. එස්. ඩබ්. අමරසිංහ අද (17දා) සමත්වූවාය. ආසියානු ක්රීඩා උලෙළ හා පොදු රාජ්ය මණ්ඩලීය ක්රීඩා උලෙළ ඉලක්ක කරගනිමින් කොළඹ සුගතදාස ක්රීඩාංගණයේ පැවැති තේරීම් තරගයකදී ඇය මීටර 42.14 දුරක් වාරතා කරමින් මෙසේ නව වාර්තාව පිහිටෙව්වාය.
මීට ඉහතදී ජී.ජේ.ඒ. ගල්හේන මිටර 40. 25 දුරක් වාර්තා කරමින් මෙම වාර්තාව 2011 වසරේදී දියගමදී පිහිටුවා තිබිණ.