සංචාරක ඉන්දීය කණ්ඩායම හා සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර ෆාටුල්ලාහ්හි පැවැති එකම ටෙස්ට් ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (14දා) අවසන් විය.
මෙය දෙරට අතර පැවැති 08 වැනි ටෙස්ට් තරගය විය. ඉන් තරග දෙකක් පමණක් ජයපරාජයෙන් තොරව අවසන්ව ඇති අතර, සෙසු තරග සියල්ල (06) බංග්ලාදේශ කණ්ඩායම ඉන්දීය කණ්ඩායම හමුවේ පරාජය වී ඇත. කෙසේ නමුත් වසර අටකට පසු (2007 පසු) දෙරට අතර ජයපරාජයෙන් තොරව අවසන් වූ පළමු ටෙස්ට් තරගය මෙය වේ.
ඛාන් ශාහිබ් උස්මාන් අලි ක්‍රීඩාංගණයේදී පසුගිය බදාදා (10දා) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 462/6 රැස්කර ඉනිම අත්හිටුවීය. ශිකර් දවාන් (173) හා මුරලි විජේ (150) ශතක ඉනිම් ගොඩනගමින් ඉනිම ගොඩනැගූහ. වාර්තාගත සබඳතාවක් ගොඩනැගූ ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 289 ක සබඳතාවක් ගොඩනැගූ අතර, එය ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ තෙවැනි ඉහළම ආරම්භක කඩුල්ලේ සබඳතාව සමකිරීමක් විය. විනෝ මන්කාඩ් හා පංකාජ් රෝයි නවසීලන්තයට එරෙහිව 1956 වසරේදී ලකුණු 413 ක සබඳතාවක් ගොඩනැගීම ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ආරම්භක කඩුල්ලේ සබඳතාව වෙයි.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බංග්ලාදේශ කණ්ඩායමට තම පළමු ඉනිම ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 256 ක් පමණි. ඒ අනුව ලකුණු 206 ක් පසුපසින් නැවතත් ඔවුන්ට දෙවැනි ඉනිම ආරම්භ කිරීමට සිදුවූ අතර, දිනය නිමාවන විට ඔවුහු කිසිවකුත් නොදැවී ලකුණු 23 ක් රැස්කරගෙන සිටියහ. කෙසේ නමුත් මෙම තරගයට වර්ෂාවෙන් බාධා ඇති අතර, ඒ හේතුවෙන් දෙවැනි දිනය සම්පූර්ණයෙන් අතහැරදීමට සිදුවිය. එසේ නොවන්නට මෙම තරගයේ ප්‍රතිඵල මීට වඩා වෙනස් වන්නට ඉඩතිබුණි. තරගයේ වීරයා ලෙස ශිකර් දවාන් සම්මාන දිනාගත්තේය.
ඉන්දීය පළමු ඉනිම / බංග්ලාදේශය පන්දු යැවීම
බංග්ලාදේශය පළමු ඉනිම / ඉන්දියාව පන්දු යැවීම
බංග්ලාදේශය දෙවැනි / ඉන්දියාව පන්දු යැවීම