එංගලන්ත පළමු ඉනිම 58කට සීමාවෙයි
- 22 03 2018
- 12:30
- {{hitsCtrl.values.hits}} views
- මිත්‍ර ජයවර්ධන
ට්‍රෙන්ට් බෝල්ට් කඩුළු 6ක් සහ ටිම් සවුතී කඩුළු 4ක් දවාගනිමින් එංගලන්ත කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්ව පළමු දිවා රාත්‍රි තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කන්ඩායම ලකුණු 58කට සීමාකිරීමට සමත්වූහ.
ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 32කට කඩුළු 6ක් සහ ටිම් සවුතී ලකුණු 25කට කඩුළු 4ක් දවාගනිමින් රෝස පන්දුවෙන් ඊ්ඩ්න් පාක් හිදී දස්කම් දැක්වීය.
නවසීලන්තය වෙනත් පන්දු යවන්නෙකු භාවිතා නොකිරීමද මෙහිදී සුවිශේෂය.
මෙය එංගලන්තය 6වැනියට අවම ඉනිමක ලැබූ ලකුණු සංඛ්‍යාවයි.
මේ වන විට කඩුළු දෙකක් දැවී ලකුණු 123ක් ලබාගෙන නවසීලන්තය පන්දුවට පහර දෙමින් සිටියි. එහිදී සිය 400 වැනි ටෙස්ට් කඩුල්ල දවාගැනීමට ස්ටුවර්ට් බ්‍රෝඩ් සමත් විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
