ඊබ්රාහිමෝවික් ඉතිහාසගත වෙයි
ස්වීඩනයේ සුපිරි පාපන්දු ක්රීඩක ස්ලටාන් ඊබ්රාහිමෝවික් සිය පාපන්දු දිවියේ සුවිශේෂ කඩඉමක් පසු කිරීමට පසුගියදා සමත් විය. ඒ ස්වීඩනය වෙනුවෙන් වැඩිම ගෝල ප්රමාණයක් රැස්කළ ක්රීඩකයා බවට පත්වෙමිනි. එස්තෝනියාවට එරෙහිව පසුගිය බ්රහස්පතින්දා පැවැති තරගයේදී 24 වැනි විනාඩියේදී ඊබ්රහිමෝවික් වාර්තා කළ ගෝලයත් සමගින් තරග 99 කදී ඊබ්රහිමෝවික් වාර්තා කර තිබෙන ගෝල ප්රමාණය 50ක් දක්වා ඉහළ ගියේය.
ඒ අනුව ඔහු ස්වීඩනය වෙනුවෙන් වැඩිම ගෝල ප්රමාණයක් රැස්කර සෙවන් රිඩෙල් විසින් තබා තිබූ වසර 82ක වාර්තාව බිඳ හෙළීය. එසේම මෙහිදී පාපන්දු තරගවලදී සෑම මිනිත්තුවකටම ගෝල වාර්තා කළ ලොව පළමු ක්රීඩකයා ලෙසිනුත් ඊබ්රහිමෝවික් ඉතිහාසයට එක්විය.
දැනට පැරිස් සෙන්ට් ජර්මෙන් කණ්ඩායමේ ප්රහාරක ක්රීඩකයෙකු වන ඊබ්රාහිමෝවික් හිසට ඉහළින් යන පන්දුවලට විශිෂ්ට ගණයේ ප්රහාර එල්ල කරන්නෙකු ලෙසටද ප්රසිද්ධයක් උසුලයි. ඊබ්රහිමෝවික් සිය වසර 15ක පාපන්දු දිවිය තුළ රැස්කර තිබෙන පාපන්දු ගෝල ප්රමාණය 369කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

