ඉන්දියාව හා එංගලන්තය අතර ඊයේ (01දා) ඉන්දියාවේ බැංගලොර්හ් චින්නස්වාමි ක්රීඩාංගණයේ පැවැති තරගයේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරිම සිටි සී. ශම්සුදීන් එයින් ඉවත්විය. තරගයේ විනිසුරු කටයුතු සඳහා සහභාගිවීමට තිරම් මනා සෞඛ්යය තත්ත්වයකින් නොසිටීම හේතුවෙන් ඔහු තරගයෙන් ඉවත්වී ඇති බව වාර්තා විය.
කෙසේ වෙතත් එංගලන්ත කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැති නාග්පූර්හි පැවැති දෙවැනි විස්සයි20 තරගයේදී ශම්සුදීන් දුන් තීරණ පිළිබඳව බොහෝ දෙනෙකු විවේචන එල්ල කළ අතර ජෝ රූට්ගේ දැවී යාම පිළිබඳව ලබාදුන් තීරණය එහිදී ප්රමුඛ වෙයි.
රූට් කඩුල්ල මුවා කිරිමේ වරදට දැවී ගිය ක්රීඩකයෙකු ලෙස තරගයේ තීරණාත්මක අවස්ථාවේදී ශම්සුදීන් ලබාදුන් තීරණය එහිදි ප්රමුඛ වූ අතර එහිදී පන්දුව පිත්තේ වදින බවට මනාව තහවුරු වී තිබුණි.
කෙසේ වෙතත් එම තරගයෙන් එංගලන්තය පරාජය වූ අතර එංගලන්ත නායකයා විනිසුරු තීරණය පිළීබඳව තරග තීරකට පැමිණිලි කළ අතරම ජෝ රූට් සඳහන් කළේ විස්සයි20 තරග සඳහා විනිසුරු තීරණ නැවත විමිසීමේ ක්රමවේදය භාවිත කළ යුතු බවයි.