සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්රී ලංකා ක්රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පැවැත්වෙන තෙදින පුහුණු තරගය දෙවැනි දිනයට නිමා කරන විට සිය දෙවැනි ඉනිම ක්රීඩා කරමින් සිටින ඉන්දීය කණ්ඩායම කඩුලු තුනකට ලකුණු 112ක් රැස්කරගෙන සිටියි.
ඒ අනුව ඔවුන් ශ්රී ලංකා සභාපතිගේ කණ්ඩායමට වඩා ලකුණු 342ක් ඉදිරියෙන් සිටින්නේ තවත් කඩුලු හතක් අතැතිවය.
සිය පළමු ඉනිම ක්රීඩා කළ සභාපතිගේ කණ්ඩායමට ඉන්දීය කණ්ඩායම රැස්කළ ලකුණු 351ට පිළිතුරු ලෙස රැස්කළ හැකිවූයේ ලකුණු 121ක් පමණි.
ශ්රී ලංකා කණ්ඩායමේ ක්රීඩකයන් සිවු දෙනෙකුම ලකුණු නොලබා පිටියේ ඉවත් කිරීමට ඉෂාන් ශර්මා සමත්වීය.