ඉන්දියාව හා ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම අතර පැවැත්වෙන තෙදින පුහුණු තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 351කට සීමාකිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ මීට සුළුවේලාවකට පෙර සමත් වූහ.
ඉන්දීය කණ්ඩායම ඊයේ (06දා) සන්ධ්‍යාවේ තරගය නතර කරනවිට කඩුලු 06ක් දැවී ලකුණු 314ක් රැස්කරගෙන සිටියේය. ඒ වනවිට නොදැවී කඩුල්ලේ රැඳී සිටි අජින්ක්‍යා රහානේ ලකුණු 109 ක් හා රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 10 ක් රැස්කරගෙන සිටියහ. කෙසේ නමුත් අද (07දා) රහානේ පන්දුවට පහරදීමට නොපැමිණි අතර, ඒ හේතුවෙන් ඉනිමේ සෙසු කඩුලු 04 ලකුණු 37ක් ඇතුළත දැවී ගියේය. ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් හොඳම පන්දු යැවීම සනිටුහන් කළ කසුන් රජිත කඩුලු 05 ක් දවාලීමට සමත්විය.
![](http://admin.ada.lk/adaadmin/wp-content/uploads/file/ind(1).png)
![](http://admin.ada.lk/adaadmin/wp-content/uploads/file/219419.jpg)
![](http://admin.ada.lk/adaadmin/wp-content/uploads/file/219455.jpg)
![](http://admin.ada.lk/adaadmin/wp-content/uploads/file/219523.jpg)