සත්කාරක ඉන්දීය කණ්ඩායම ලකුණු 124කින් පරාජය කරමින් දෙරට අතර කොචිහි පැවැති පළමු එක්දින තරගය ජයගැනීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. ඒ අනුව තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙසින් පෙරමුණ ගැනීමටත් කොදෙව් කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය අවාසියක් බවට පෙරළාගත් ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි මුලින්ම පන්දුවට පහර දීමේ අවස්ථාව කොදෙව් කණ්ඩායම ලබා දුන්නේය.
ඒ අනුව ඉන්දියානු පන්දු යවන්නන් ආක්‍රමණය කළ මාලන් සැමුවෙල්ස් ප්රමුඛ කොදෙව් පිතිකරුවෝ පන්දුවාර 50දී ලකුණු 321ක් රැස්කළහ. එහිදී සිය 6වැනි එක්දින ශතකය වාර්තා කිරීමට මාලන් සැමුවෙල්ස් සමත් විය.
ලකුණ 322ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායමට සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 197ක් පමණි. ශිකර් දවාන් අර්ධ ශතකයක් රැස්කිරීමට සමත් විය.
පිත්තෙන් හා පන්දුවෙන් දක්ෂතා දැක්වූ සැමුවෙල්ස් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය හෙට (11දා) දිල්ලිහි පැවැත්වීමට නියමිතය.
තරගයේ විශේෂ අවස්ථා
-
ඉන්දියාව ලකුණු 200ට වඩා දැවී ගිය 27 වැනි අවස්ථාව
-
කොදෙව්වන් පසුගිය වසරේදී සිට පවත්වාගෙන යන තරග ජයගැනීමේ සාමාන්‍ය 60%
-
ජඩේජා වසරක කාලයක් තුළ යොමුකර ඇති එක්දින පන්දුවාර ගණන 246කි. එය එක්දින පන්දුයවන්නෙක් පසුගිය වසරක කාලය තුළ යොමුකළ වැඩිම පන්දුවාර සංඛ්‍යාවද වෙයි.
-
ලකුණු 4000 සීමාව පසුකළ 91 වැනි එක්දින පිතිකරුවා සැමුවෙල්ස් වෙයි.
-
මොහොමඩ් සාමි මේ වසරේදී දවාගත් එක්දින කඩුලු ප්‍රමාණය 32කි. එය මේ වසරේ එක්දින පන්දුයවන්නෙක් දවාගත් වැඩිම කඩුලු සංඛ්‍යාවද වෙයි.
-
අවසන් ඉනිම 16දී ලකුණු 10ට අඩුවෙන් කොලි දැවී ගිය අවස්ථා ගණන 9කි.
කොදෙව් ඉනිම 321/6 (පන්දුවාර 50)
මාලන් සැමුවෙල්ස් 126 (පන්දු 116, 4x11, 6x4)
දිනේෂ් රාම්දීන් 61 (පන්දු 59, 4x5, 6x2)
ඩ්වෙන් ස්මිත් 46 (පන්දු 45, 4x4, 6x2)
මොහොමඩ් සාමි 66/4 (පන්දුවාර 9)
ඉන්දීය ඉනිම 197/10 (පන්දුවාර 41)
ශිකර් දවාන් 68 (පන්දු 92, 4x9)
රවින්ද්‍ර ජඩේජා 33 (පන්දු 36, 4x2, 6x1)
මාලන් සැමුවෙල්ස් 10/2 (පන්දුවාර 3)
ඩ්වේන් බ්රාවෝ 28/2 (පන්දුවාර 10)