සංචාරක ඉන්දීය කණ්ඩායම හා සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර ඕක්ලන්ඩ්හි පැවති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 40 ක තියුණු ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය. ලකුණු 406 ක වාර්තාගත ඉලක්කයක් හඹාගිය ඉන්දීය දෙවැනි ඉනිම ලකුණු 365 කට සීමාකිරීමට නවසීලන්ත වේග පන්දු යවන්නෝ සමත් වූහ. මෙම ජයග්‍රහණය ඉන්දීය ටෙස්ට් කණ්ඩායමක් වසර 12කට පසුව පරදා නවසීලන්ත කණ්ඩායම ලබාගත් ටෙස්ට් ජයග්‍රහණයක්ද වෙයි.
කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායමේ ඇරයුමෙන් නවසීලන්ත කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදුන්නේය. ඒ අනුව ඔවුහු සිය ප්‍රථම ඉනිමට ලකුණු 503 ක් රැස් කළහ. නායක බ්‍රෙන්ඩන් මැකලම් අගනා ද්විතව ශතකයක් රැස් කරමින් නවසීලන්ත ඉනිම ඔසවා තැබූ අතර, එය ඔහුගේ දෙවැනි ද්විත්ව ශතකයද විය.
නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිමට රැස්කළ ලකුණු 503 පිළිතුරු වශයෙන් ඉන්දීය කණ්ඩායමට රැස්කරගත හැකිවූයේ ලකුණු 202 ක් පමණි. නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත ක්‍රීඩකයෝ ලකුණු 105 කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. තරගයේ වීරයා ලෙස බ්‍රෙන්ඩන් මැකලම් සම්මාන දිනාගත්තේය.
දෙරට අතර පැවැත්වීමට නියමිත දෙවැනි හා අවසාන ටෙස්ට් තරගය එළඹෙන 14 වැනිදා වෙලින්ග්ටන්හිදී ආරම්භ වීමට නියමිතය.
නවසීලන්තය පළමු ඉනිම 503/10 (පන්දුවාර 121.4)
බ්‍රෙන්ඩන් මැකලම් 224 (පන්දු 307, 4x29, 6x5)
කේන් විලියම්සන් 118 (පන්දු 172, 4x10, 6x2)
කුරේ ඇන්ඩර්සන් 77 (පන්දු 109 4x13, 6x1)
ඉෂාන්ත් ශර්මා 6/134 (පන්දුවාර 33.4)
සහීර් ඛාන් 2/132 (පන්දුවාර 30)
ඉන්දියාව පළමු ඉනිම 202/10 (පන්දුවාර 60)
රෝහිත් ශර්මා 72 (පන්දු 120, 4x8, 6x1)
රවීන්ද්‍ර ජඩේජා 30* (පන්දු 44, 4x2, 6x1)
නීල් වැග්නර් 4/64 (පන්දුවාර 11)
ට්‍රෙන්ට් බෝල්ට් 3/38 (පන්දුවාර 77)
ටිම් සවුති 3/38 (පන්දුවාර 19)
නවසීලන්තය දෙවැනි ඉනිම 105/(පන්දුවාර 41.2)
රොස් ටේලර් 41 (පන්දු 73, 4x4, 6x1)
ටිම් සවුති 14 (පන්දු 15, 6x1)
ඉෂාන්ත් ශර්මා 3/28 (පන්දුවාර 10.2)
මොහොමඩ් සාමි 3/37 (පන්දුවාර 12)
සහීර් ඛාන් 2/23 (පන්දුවාර 9)
ඉන්දියාව දෙවැනි ඉනිම 366/10 (පන්දුවාර 96.3)
ශිකර් දවාන් 116 (පන්දු 211, 4x12, 6x1)
විරාත් කෝලි 67 (පන්දු 102, 4x12)
නීල් වැග්නර් 4/62 (පන්දුවාර 25)
ටිම් සවුති 3/81 (පන්දුවාර 23)
ට්‍රෙන්ට් බෝල්ට් 3/86 (පන්දුවාර 23.3)