පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ඉන්දියානු කණ්ඩායම හා දකුණු අප්රිකානු කණ්ඩායම අතර අද (04දා) මීර්පූර්හිදී පැවැත්වීමට නියමිත තරගයටද වර්ෂාවෙන් බාධා ඇතිවීමට 70%ක ඉඩක් පවතින බව බංග්ලාදේශ මෙන්ම ඉන්දීය කාලගුණ වාර්තා පෙන්වා දෙයි.
යම් හෙයකින් අද තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවී තරගය පැවැත්විය නොහැකි තත්ත්වයක් උද්ගත වුවහොත් ඉන්දීය කණ්ඩායමට අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීම සඳහා නියත අවස්ථාවක් හිමිවෙයි. ඒ ඔවුන් දෙවැනි කාණ්ඩයෙන් පෙරමුණ ලබාගෙන සිටින හෙයිනි.
ලෝක කුසලාන තරගාවලිවලදී කෙදිනත් අවාසනාවන්ත කණ්ඩායමක් බවට පත්වන දකුණු අප්රිකානු කණ්ඩායමට මෙවර පන්දුවාර 20-20 ලෝක කුසලානයේදීත් අවාසනාවන්ත කණ්ඩායම බවට පත්වන ලකුණු දැනට පෙනෙන්නට තිබේ.