ඉන්දියාව පළමු ඉනිමට ලකුණු 487
සංචාරක ඉන්දිය කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේ පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 122.3කදී සියලු දෙනා දැවී ලකුණ 487ක් රැස්කළේය.
ඊයේ දිනයේදී කඩුලු 6ට ලකුණු 329ක් ලෙස නිමා කළ ඉන්දීය ඉනිම මෙවැනි විශාල ලකුණු සංඛ්‍යාවකට රැගෙන ගියේ තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාගේ ප්‍රවේගකාරී ඉනිම හේතුවෙනි.
සිය තෙවැනි ටෙස්ට් තරගයේදී මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමට පණ්ඩ්‍යා සමත්වූ අතර පන්දු 96කදී ඔහු ලකුණු 108ක් රැස්කළේ හතරේ පහර 8ක් හා හයේ පහර 7ක් සමගිනි.
ඔහුට අමතරව ශිකර් දවාන් ලකුණු 119ක්, ලෝකේෂ් රාහුල් 85, විරාත් කෝලි 42 ඉන්දීය ඉනිමේ ඉහළම ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ වූහ. විශ්ව ප්‍රනාන්දු (87/2), ලක්ෂාන් සඳකැන් (132/5), මලින්ද පුෂ්පකුමාර (82/3) ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු දවාගත් පන්දු යවන්නෝ වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
