සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කර හරාරේහිදී ඊයේ (12දා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 62 ක ජයක් ලැබීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග තුනකින් යුත් තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදී තරග 2 -0 ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දියාවට හැකිවිය.
පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ ලකුණු 271/8 ක් රැස්කිරීමට සමත්වූ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 49 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 209 ක් පමණි. තරගයේ වීරයා ලෙස මුරලි විජේ සම්මාන දිනාගත්තේය.
දෙරට අතර මේ දක්වා (1983 - 2015) එක්දින තරග 59 ක් පවත්වා ඇත. ඉන් තරග 47 ක් ඉන්දියාව විසින් ජයගෙන ඇති අතර, තරග 10 ක් සිම්බාබ්වේ කණ්ඩායම ජයගෙන ඇත. කෙසේ නමුත් දෙරට අතර මේ දක්වා තරගාවලි අටක් පවත්වා ඇති අතර, ඉන් සිම්බාබ්වේ ජයගෙන ඇත්තේ එක් තරගාවලියක් පමණි. සෙසු සියලුම තරගාවලි ඉන්දියාව විසින් ජයගෙන ඇත. ඉන්දියාව පරාජය වූ තරගාවලියට තරග දෙකක් අන්තර්ගතවූ අතර, ඉන් එක් තරගයක් සිම්බාබ්වේ ජයගෙන ඇති අතර, අනෙක් තරගය වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාකිරීමට නොහැකි වී ඇත.
ඉන්දියාව පන්දුවට පහරදීම / සිම්බාබ්වේ පන්දු යැවීම
සිම්බාබ්වේ පන්දුවට පහරදීම / ඉන්දියාව පන්දු යැවීම