ආසියානු පාපන්දු සම්මේලනය මගින් සංවිධානය කරන ආසියානු සම්මේලන කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ මූලික වටයේ අදියර හෙට (31) ආරම්භ වේ. ආසියානු කලාපයේ රටවල් 30 ක් සහභාගි වන මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ සඳහා පසුගිය වර ඩයලොග් චැම්පියන්ස් ලීග් තරගාවලියේ පසුගිය වර ශූරයින් වූ කොළඹ ක්‍රීඩා සමාජය සහභාගි වේ.
මෙහිදී ශ්‍රී ලංකාව ඉන්දියාවේ මොහුන් බගාන් කණ්ඩායමට එරෙහිව තරග වදින අතර තරගය අදියර දෙකකින් යුක්තය මෙහි පළමු අදියර හෙට (31) කොළඹ තුරඟ තරග පිටියේදි පැවැත්වේ. එහි දෙවැනි අදියර එළඹෙන පෙබරවාරි 7 වැනිදා ඉන්දියාවේ කොල්කටා හිදී පැවැත්වේ.
මෙම සමස්ථ ආසියානු සම්මේලන කුසලාන පාපන්දු තරගාවලියවට ආසියානු කළාපයේ රටවල් 30කින් ක්‍රීඩා සමාජ 30 ක් සහභාගි වේ.
මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (30) කොලඹ පාපන්දු සම්මේලන නිවහනේදී පැවැති අතර එහිදී මෙම තරගය සඳහා සහභාගි වන කණ්ඩායම් දෙකේ (කොලඹ ක්‍රී.ස. හා මොහුන් බගාන් ක්‍රී.ස.) ක්‍රීඩකයින් හා පුහුණුකරුවන් මාධ්‍ය වෙත හඳුන්වා දෙනු ලැබීය.
මෙම තරගාවලියේ ආකෘතිය පසුගිය 2016 වර්ෂයේදී වෙනස් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ පාපන්දු කණ්ඩායමක් මේ සඳහා සහබාගි වන පළමු අවස්ථාව මෙය වේ.
තරගය හඳුන්වා දීම වෙනුවෙන් පැවති මාධ්‍ය හමුව
ඡායාරූප - ශමීර රාජපක්ෂ