ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර නොවැම්බර් 16 දා ආරම්භවිමට නියමිත තරග තුනකින් සමන්විත ටෙස්ට් තරාවලියට අසේල ගුණරත්න හා කුසල් ජනිත් පෙරේරා සළකා නොබැලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.
තරගාවලිය සඳහා 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර එය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා ඊයේ (01දා) යොමුකර ඇති අතර එම 15 දෙනා අතරට කුසල් හා අසේල ඇතුළත් නොවේ.
කුසල් ශූරයන්ගේ කුසලාන තරගාවලියේදීද, අසේල ඉන්දීය තරගාවලියේද ආබාධයකට ලක්වූහ. ඔවුන් අබාධවලින් සුවය ලබා ඇතැත් ක්‍රීඩා කිරීම සඳහා තවමත් ශාරීරික යෝග්‍යතාවයෙන් ප්‍රමාණවත් නොවිම නිසා ඔවුන්ව ටෙස්ට් තරගාවලියට සළකා නොබලා ඇත.
කෙසේ වෙතත් ආබාධයකට ලක්වූ ඇන්ජලෝ මැතිව්ස් නැවතත් කණ්ඩායමට පැමිණ තිබේ. ඉන්දියාව හා පැවැත්වෙන සීමිත පන්දුවාර තරගාවලිය සඳහා කුසල් හා අසේල යොදාගත හැකි වෙතැයි තේරීම් කමිටුව විශ්වාස කරයි.