අසේල ඉන්දීය ටෙස්ට් තරගාවලියට සූදානම්
- 20 07 2017
- 18:52
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
වම් කළවයේ ආබාධයකට ලක්ව ඇති තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න ඉන්දියාව හා පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සූදානම් බව ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ මහතා පැවැසීය. කොළඹදී අද (20දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු පිළිබඳව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන්ද සිල්වා මහතා පැවැසුවේ දෙස් විදෙස් පුහුණුකරුවන් කිහිපදෙනෙකුගේ නම් ඒ පිළිබඳව සළකා බලා ඇති නමුත් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
