අසංග - මතිවානන් ක්රිකට් නිලවරණයෙන් ඉවතට
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිලවරණය සඳහා තරග කිරීමට නාමයෝජනා බාරදුන් හය දෙනකුගේ නාමයෝජනා ප්රතික්ෂේප වී තිබේ.
ක්රිකට් ආයතනයේ හිටපු උප සභාපතිවරුන් මෙන්ම මෙවරද උප සභාපති ධුර සඳහා තරග කිරීමට සූදානම් වූ කේ. මතිවානන් (තිලංග පාර්ශ්වය) සහ අසංග සෙනෙවිරත්න (නිශාන් රණතුංග පාර්ශ්වය) යන මහත්වරුන්ගේ නාමයෝජනා ප්රතික්ෂේප වීම කැපී පෙනේ.
එසේම නිශාන්ත රණතුංග පාර්ශවයෙන් භාණ්ඩාගාරික ධූරය සඳහා නාමයෝජනා බාර දුන් ඊස්ට්මන් නාරංගොඩ මහතාගේ නාම යෝජනා ප්රතික්ෂේප වී තිබේ. ඒ අනුව තිලංග පාර්ශවයෙන් භාණ්ඩාගාරික ධූරයට නාමයෝජනා බාරදුන් ශම්මි සිල්වා සිල්වා මහතා නිතරගයෙන් එම ධූරයට පත්වෙනු ඇත.
එසේම උප භාණ්ඩාගාරික ධූරයට නාමයෝජනා බාරදුන් සිවුදෙනාගෙන් නිහාල් ලෙව්කේ, සුජීව ලොකුහේවා සහ ඒ. ඒ. ඩබ්ලිව්. ද සිල්වා යන මහත්වරුන්ගේ නාමයෝජනාද ප්රතික්ෂේප වී ඇත.
සභාපති ධූරය සඳහා නාමයෝජනා ඉදිරිපත් කළ සුමිත් ආර්. පෙරේරා, තිලංග සුමතිපාල, ජයන්ත ධර්මදාස සහ නිශාන්ත රණතුංග යන මහත්වරුන්ගේ නාමයෝජනා පිළිගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

