දඹුල්ලේදී නිමාව දුටු ශ්‍රී ලංකා පාකිස්තාන එක්දින තරගාවලියේ නිමාවත් සමගින් ක්‍රිකට් පිටියට වාර්තා කිහිපයක් එක්විය. මේ එයින් කිහිපයකි.
වැඩිම ජාත්‍යන්තර තරග ප්‍රමාණයක් ජයගත් ක්‍රීඩකයන් අතරින් මහේල ජයවර්ධන දෙවැනි තැන පත්වීම. තරග 325, මෙහි ප්‍රථම ස්ථානයේ පොන්ටින් සිටි සංගා (292) සිව්වැනි ස්ථානයේත්, ජයසූරිය (292) පස්වැනි ස්ථානයේත් සිටියි.
-
පසුගිය වසර 8ක කාලය තුළදී පාකිස්තා කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ පැවැති එක්දින හෝ ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කර නොමැත.
-
මුලින්ම පන්දුවට පහරදී පාකිස්තාන කණ්ඩායමක් වසර 21කට පසුව දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව (102).
-
ලකුණු 102ට අඩුවෙන් පාකිස්තාන කණ්ඩායමක් දැවී ගිය අටවැනි අවස්ථාව.
-
2014 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග 20කට ක්‍රීඩාකරමින් එයින් තරග 15ක් ජයගෙන ඇති අතර තරග 5ක් පරාජය වී තිබේ.
-
ෆාවඩ් අලාම් එක්දින ඉනිම පහකදී පවත්වාගෙන යන සාමාන්‍ය 106කි.
-
එක්දින තරග වලදි කඩුලු 100 සිමාව ඉක්මවූ ශ්‍රී ලංකාවේ 14වැනි පන්දු යවන්නා තිසරය.
-
තරග 79කදී තිසර පෙරේරා හිමිකරගෙන ඇති තරගයේ විරයා සම්මාල ගණන 9කි.
-
2009 වසරෙන් පසුව තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 50ට වඩා 40ක් වාර්තා කර තිබෙන අතර ඉනිම 134කදි රැස්කරගෙන තිබෙන ලකුණු ප්‍රමාණය 5478කි. සාමාන්‍ය 45.65 කි. 2009 වසරේ සිට මේ දක්වා ලකුණු 50ට වඩා වැඩිම ප්‍රමාණයක් රැස්කර තිබෙන්නේ සංගාය (52), කෝලි (48) දෙවැනි ස්ථානයේ පසුවෙයි.