ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හිමිවිය යුතු ඇමරිකානු ඩොලර් ලක්ෂ 03 ක මුදලක් ලබාදීමට අන්තර්ජාතික ක්‍රිකට් ආයතනය එකවූ බව සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතුරු පාලක කමිටුවක් යටතට පත්කිරීම ඇතුළු හේතු කිහිපයක් මුල්කරගනිමින් මෙම මුදල රඳවාගෙන තිබුණි.
සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශයේ දැන් පැවැත්වෙන ප්රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව පවසා සිටි අතර, එහිදී අමාත්‍යවරයා තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පසුගිය කාල වකවානුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයේ ඇතිවූ තත්ත්වයක් පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලා ලිපියක් ලැබුණු බවත්, ඒ ලිපියට වහාම පිළිතුරක් ලබාදෙන බවත්ය.