ක්‍රිකට් පිටියේ සිදුවන අනතුරුවලින් ආරක්ෂා වීම සඳහා ක්‍රීඩකයන් මෙන්ම විනිසුරුවරුන්ද හිස් ආවරණ (හෙල්මට්) පැලඳිය යුතු බව දිගින් දිගටම කතාබහට ලක්වූ මාතෘකාවක් විය.
පළමු පෙළ තරගවලදී මෙන්ම ලීග් තරගවලදී විනිසුරුවරුන් හිස් ආවරණ භාවිත කරනු දැකගත හැකිවුවද, මේ වනවිට ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර පවතින එක්දින තරගාවලියේදීද විනිසුරුවරුන් හිස් ආවරණ භාවිත කරනු දැක්නට ලැබේ.
අද පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේදීද විනිසුරු ජොන් වර්ඩ් හිස් ආවරණයක් භාවිත කරමින් පිටියට පිවිසීය.
බිග්බෑෂ් ලීග් තරගාවලියේදී විනිසුරු ජෙරාඩ් ඇබූඩ් දෙසැම්බර් 30 වැනිදා හිස් ආවරණයක් භාවිත කරමින් විනිසුරු කාර්යයේ යෙදීම මාධ්‍යයේ වැඩි වශයෙන් කතාබහට ලක්විය.
ඔස්ට්‍රේලියා - ඉන්දියා තරගයේදී විනිසුරු ජොන් වර්ඩ් හෙල්මටයක් සහිතව
බිග්බෑෂ් ලීග තරගාවලියේ විනිසුරු හෙල්මටයක් සහිතව