පන්දුව පළුදු කිරීමේ චෝදනාවෙන් අනතුරුව අද (31දා) ඔස්ට්‍රේලියාවේදී පළමු මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ සඳහා තමන් සමාව ඉල්ලා සිටින බවත් එය සිදුවීමේදී තම කාර්යය පිළිබඳව පූර්ණ වගකීම ගන්නා බවත් ඔස්ට්‍රේලියානු හිටපු උපනායක ඩේවිඩ් වෝනර් පවසයි.
මෙහිදී ස්ටීවන් ස්මිත් මෙන්ම වෝනර්ද හඩමින් කතා කළ අතර ඔහුටද වසරක තරග තහනමක් මේ වන විට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් පනවා තිබේ.
“ ක්‍රීඩාවට ආදරය මෙන්ම ක්‍රීඩාවේ ප්‍රෙක්ෂකයන් මෙන්ම ක්‍රීඩකයෙක් ලෙස මගේ ක්‍රීඩා දිවිය වෙනුවෙන් සහාය දැක්වූ හැමෝටම ඔබගේ විශ්වාසය පාවාදීම වෙනුවෙන් මට සමාවෙන්නත
මම ඔබව පහතට දැමුවා. මම හිතනවා කාලය ගතවීම හරහා මට නැවතත් ඔබගේ ගෞරවය ලබාගන්න පුළුවන් වේවි කියලා.
අපේ අපේ රට පහතට දැම්මා. අපි නරක තීරණයක් ගත්තා. එහි මගේ කොටස මම කළා. ඔස්ට්‍රේලියානුවන්ගෙන් නැවතත් ඒ ගෞරවය ලබා ගැනීමට මට විශාල කාලයක් යාවි.
ඊළගට කුමක් සිදුවේදැයි කයන්න බෑ. නමුත් මුලින්ම මගේ පවුලේ සුබ සාධනයයි.”