පසුගියවර ශූරයන් වූ හැව්ලොක්ස් 'ඒ' ක්රීඩා සමාජය පරදා වසර 6 කට පසු නැවතත් අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ කුසලාන ශූරතාව දිනාගැනීමට මහනුවර කණ්ඩායම සමත්විය. කොළඹ තුරඟ තරග පිටියේදී අද පැවති තරගය ආරම්භයේ සිටම තියුණු මුහුණුවරක් ගත්තද පළමු අර්ධය නිමාවට පත් වන විටදී ලකුණු 10-7 ක් ලෙස ඉදිරියෙන් සිටීමට සමත් වූයේ හැව්ලොක්ස් කණ්ඩායමයි.
ජයග්රාහී මහනුවර කණ්ඩායම ගෝල දිනුමක් හා උත්සාහක දිනුම් දෙකක් මගින්ද හැව්ලොක්ස් කණ්ඩායම උත්සාහක දිනුමක් මගින්ද සිය ලකුණු රැස් කළේය.
මහනුවර කණ්ඩායම වෙනුවෙන් නයිජල් රත්වත්ත(2) හා රිචඩ් ධර්මපාල උත්සාහක දිනුම් වාර්තා කළ අතර ඉන් එක් දිනුමක් ගෝල දිනුමක් බවට පරිවර්තනය කිරීමට ෆාසිල් මරීජා සමත් විය. සඳුන් හේරත් හා ෂෙනාල් ඩයස් හැව්ලොක්ස් කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් වාර්තා කළහ.
ඡායාරූප ශමීර රාජපක්ෂ