ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තෙවැනි විස්සයි20 තරගයේ පටන් දකුණු අප්‍රිකානු සීමිත පන්දුවාර නායක ඒ.බී. ඩිවිලියර්ස් නැවතත් තරගකාරී ක්‍රිකට් පිටියට පැමිණීමට වැඩි අවස්ථාවක් ඇති බව දකුණ අප්‍රිකා මාධ්‍ය වාර්තා කරයි.
ඩිවිලියර්ස්ගේ වැලමිටේ ඇතිව තිබෙන ආබාධයක් හේතුවන් ඔහු ශ්‍රී ලංකාව හා පැවැති ටෙස්ට් තරගාවලියට එක් නොවුණ අතර දෙරට අතර පැවැත්විමට නියමිත පළමු හා දෙවැනි විස්සයි20 තරග සඳහා නම් කළ සංචිතයටද ඔහුගේ නම ඇතුළත් නොවිණි.
කෙසේ වෙතත් මේ වන විට ඩිවිලියර්ස් ක්‍රමයෙන් ආබාධයෙන් සුවය ලබා ඇති හෙයින් ශ්‍රී ලංකාව හා පැවැත්වෙන සිමිත පන්දුවාර තරගාවලි සඳහා එක්වීමට වැඩි ඉඩක් ඇතැයිද දකුණු අප්‍රිකනු වාර්තා සඳහන් කරයි.