එක් ශ්රී ලංකා වාර්තාවක් අළුත් කරමින් 93 වැනි ජාතික මලල ක්රීඩා ශූරතාවලියේ පළමු දිනය අද (24) හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේදී නිමාවට පත් විය. අද දිනයේ තරගාවලියේ ඉසව් 26 ක් පැවති අතර ඉන් ඉසව් 7 ක් අවසන් තරග විය. ඉන් මීටර් 3000 කාන්තා බාධක දිවීමේ ඉසව්වට සහභාගි වූ යුධ හමුදාවේ නිලානි රත්නායක එම ඉසව්ව මිනිත්තු 10.තත්පර 09. 49 කින් අවසන් කරමින් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. ඇය විසින් එහිදී බිද දැමුවේ 2012 වර්ෂයේදී ඩබ්.පී. දුලක්ෂි විසින් තබා තිබූ වාර්තාවයි.
තරගාවලිය අනිද්දා (26) දක්වා පැවැත්වේ.