saravita-anim2

2025 ජුනි මස 17 වන අඟහරුවාදා

2025 ජුනි මස 17 වන අඟහරුවාදා

Sports - timelapse 2146 hours ago

LATEST

ලංකාව කලින්ම තරගාවලිය දිනයි

calendar_today 2024 පෙබ 11 - 21:42 remove_red_eye - 434  

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමගින් පැවැති දෙවැනි ඒක්දින තරගයද ලකුණු 155කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ් අනුව තරග තුනකින් සමන්විත ඒක්දින තරගාවලියද තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම පෞද්ගලික විස්සයි විස්ස පුහුණු තරග සංචාරයක් සදහා 02/10 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

Read More

ඇෆ්ගනිස්තානය හා පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට චාමික කරුණාරත්න ඇතුළු පසුගිය තරග වලදී අවස්ථාව අහිමි වූ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුටම යිත් අවස්ථාව ලැබී තිබේ.

Read More

’’මම කම්පනයට පත් වුණේ නෑ. ඔවුන් මාව තෝරා නොගත් නිසා මම පුදුමයට පත් වුණා. ’’ යැයි අතපත්තු අඟහරුවාදා මාධ්‍ය හමුවකදී පැවසීය.

Read More

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නිකුත් කළ නවතම ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව, දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබේ.

Read More

චීනයේ පැවැත්වෙන ආසියානු ශූරතා තරගාවලිය සදහා ද සහභාගී වීමට අපේක්ෂා කරන විරේන් එළඹෙන අප්‍රියෙල් මස අවසාන වනවිට ලෝක ශ්‍රේණි ගත කිරීම් වල තවදුරටත් ඉහළ ස්ථානයකට පැමිණ ඔලිම්පික් තරගාවලිය සදහා සහභාගී වීමට සුදුසුකම් සපුරා ලීමට අපේක්ෂා කරමින් සිටින බව පැවසීය .

Read More

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය නැවත ක්‍රීඩාවලට ආරම්භ කිරීම හා පුද්ගලයන් මිලියන දෙකක් සඳහා ඉඩම් හිමිකම් ඔප්පු ලබාදීම ජාතික වැඩපිළිවෙළ 05 දින පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඇරඹෙන බව ක්‍රීඩා යෞවන කටයුතු හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

ටෙස්ට් ලෝක ශූරතාවලියේ තරග දෙකකට, එක්දින තරග තුනකට හා විස්සයි20 තරග තුනකට එක්වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබන මාසයේදි බංග්ලදේශයේ සංචාරය කිරීමට නියමිතය.

Read More

19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකාව සමග පැවැති තරගය ලකුණු 119ක් පරාජය වීමෙන් අනතුරුව ශ්‍රි ලංකා කණ්ඩායම ලෝක කුසලානයෙන් ඉවතට ගිය අතර දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබ ගත්තේය.

Read More

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 80ක් රැස්කරගෙන සිටියේය.

Read More

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) වාර්ෂික මහ සභා රැස්වීම ලබන ජූලි මස 19 වැනිදා සිට 22 වැනිදා දක්වා මෙරටදී පැවැත්වීමට නියමිතය.

Read More

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ ටෙස්ට් තරගයකට ,එක් දින සීමිත ඕවර් 50 තරග 03 කට සහ විස්සයි විස්ස තරග 03 කට සහභාගී වීම සදහා 01/30 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව වෙත පනවා තිබූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත්කිරීමට පියවර ගෙන තිබේ.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ කාන්තා තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තුව කැඳවා තිබේ. උත්තර ප්‍ර දේශ් ‌වොරියරස් කණ්ඩායම නියෝජනය කළ ලෝරන් බෙල් වෙනුවට මෙසේ චමරි අතපත්තු කැඳවා තිබේ. අතපත්තු ඇයගේ මූලික මිල වන ඉන්දීය රුපියල් ලක්ෂ 30 (ඇමරිකානු ඩොලර් 36,000 පමණ) වටිනායකමට කණ්ඩායම සමගින් ගිවිසුම් ගතව තිබේ

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2023 වසරට අදාළව වසරේ එක්දින ක්‍රීඩිකාව ලෙස නම්කර තිබේ.

Read More

2023 වසරට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කළ වසරේ කාන්තා එක්දින කණ්ඩායමේ නායකත්වයට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු නම් කර තිබේ.

Read More

2023 වසරට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලස ටෙස්ට් කණ්ඩායමට ශ්‍රී ලංා හිටපු ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නගේ නමද ඇතුළත් කර තිබේ.

Read More

2023 වසරේදී කාන්තා විස්සයි20 පිටියේදී දැක්වූ දක්ෂතා අනුව එම වසරට අදාළ විස්සයි20 කාන්තා කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ අත්දැකීම් සහිත තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට නැවත කණ්ඩායමට පැමිණීමට තමන් ආරාධනා නොකළ බවත්, ඔහු ක්‍රීඩාවෙන් සමුගත් ක්‍රීඩකයකු නොවන බවත් වනිදු හසරංග පැවසීය. එමෙන්ම ඔහුගේ පිතිකරණය පළමු විස්සයි20 තරගය ජය ගැනීමට ඉතා වැදගත් වූ බව ද ඔහු මෙහිදී පැවසීය.

Read More

මේ වසරේදී පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ තරග තුනක් ලංකාවට ලබා ගැනීම වෙනුවෙන් තමන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මෙන්ම ආසියානු ක්‍රිකට් සභාපති ජේ ෂා මහතා සමග පැවැති සාකච්ඡාව ධනාත්මක වූ බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පනවා ඇති තහනම පෙබරවාරි 15දාට ප්‍රථම ඉවත් කිරීමට හැකියාවක් ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

Read More

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායහ හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

Read More

සත්කාරක ශ්‍රි ලංකා කණ්ඩායම හා සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන පළමු එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ට ලකුණු 273ක් රැස්කරමින් සිම්බාබවේ කණ්ඩායමට ලකුණු 274ක ඉලක්කයක් ලබා දුන්නේය.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සම්මාන සඳහා නිර්දේශිත ක්‍රීඩකයන් අතර ශ්‍රී ලංකා නවක වේග පන්දු යවන ක්‍රිඩක ඩිල්ෂන් මධුශංක හා ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තුගේ නම් ඇතුළත්ව තිබේ.

Read More

සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමට ශ්‍රී ලංකා නව ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ. එම සංචිතය තුළ ප්‍රධාන වෙනස්කම් කිහිපයක් දක්නට ඇති අතර ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ඇතුළු ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම යළිත් සංචිතයට එක්කර තිබේ.

Read More

‍මෙම වාර්තාව බාර ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් ක‍ළේ මෙම වාර්තාව මගින් ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් මෙම වාර්තාව මෙන්ම නව ක්‍රීඩා පනත් කෙටුම්පත නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත්ය.

Read More

ක්‍රීඩා අමත්‍යවරයාට පැවරි ඇති බලතල අනුව අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයකින් ලියාපදිංචිය අත් හිටවනු ලැබූ ශ්‍රී ලංකා දුනු ශිල්ප සංගමය ,ශ්‍රි ලංකා ජාතික රෝද සපත්තු සංගමය,ශ්‍රී ලංකා කබඩි සම්මේලනය ,ශ්‍රී ලංකා බ්‍රිජ් සම්මේලනය සහ ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ නිලවරණ පැවැත්වීමේ මූලික කටයුතු සඳහාවූ විශේෂ රැස්වීම් පහක් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය, රියර් අද්මිරාල් ෂේමාල් ප්‍රනාන්දු මහතා විසින් කැඳවා තිබේ.

Read More

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කොට ඊයේ (30) පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේදී නිමාව දුටු ශ්‍රී ලංකා යොවුන් චෙස් තරගාවලියේ වයස 19න් පහළ විවෘත චෙස් ශූරතාව අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එම්.තිසල් මංජිත් පියුමන්ත දිනා ගත්තේය.

Read More

ජාතික මට්ටමේ ක්‍රීඩා සංගම් දෙකක හා සම්මේලන තුනක ලියාපදිංචිය ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් දෙසැම්බර් 22 දිනෙන් නිකුත්කළ අති විශේෂ ගැසට් නිවේදනක් මගින් තාවකාලිව අත්හිටුවා තිබේ.

Read More

තායිලන්තයේ සෂිකට් ප්‍රාන්තයේ 12/12 සිට 12/18 දක්වා පැවති බටහිර තූර්ය වාදන ලෝක ශූරතා තරගාවලියට සහභාගී වූ මහනුවර සීතා දේවී බාළිකා විද්‍යාලයේ සිසුවියන් එම තරගාවලියේ දෙවන ස්ථානයට හිමි රිදී පදක්කම දිනා ගෙන 12/18 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි තිබුණි .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.