වනිඳුගේ රාජස්ථාන් කණ්ඩායමට ලකුණු 6ක ජයක්
ඉන්දිය ප්රිමියර් ලිග තරගාවලිය යටතේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම හා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු 6ක තියුණු ජයක් ලැබිය.
මෙම තරගයේදි රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කරමින් ශ්රි ලංකාවේ වනිඳු හසරංග හා මහිෂ් තික්ෂණ තරග වැඳුන අතර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් මතිෂ පතිරණ තරග කළේය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩාම කඩුලු 9ට ලකුණු 182ක් රැස් කළේය.
නිතිෂ් රානා පන්දු 36කදි ලකුණු 81ක වේගවත් ඉනිමක් ක්රිඩා කළ අතර ඒ අනුව ඔහු තරගයේ විරයා ලෙසද සම්මාන ලැබීය.
මෙහිදි මහීෂ් තික්ෂණ නොදැවී ලකුනු 2ක් හා වනිඳු හසරංග ලකුණු 4ක් රැස් කළේය. චෙන්නායි වෙනුවෙන් පන්දු යැවිමෙන් මතීෂ පතිරණ පන්දුවාර 4කදි ලකුණු 28ට කඩුලු දෙකක් දවා ගත්තේය.
ලකුණු 183ක ජයග්රාහි ඉලක්කයක් හඹා ගිය චෙන්නායි කණ්ඩායමට නියමිත පන්දුවාර 20තුළදි කඩුලු 6ට රැස්කළ හැකිවූයේ ලකුණු 176ක් පමණි.
රාජස්තාන් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවිමෙන් වනිඳු හසරංග පන්දුවාර 4කදි ලකුණු 35ට කඩුලු 4ක් දවා ගැනිමට සමත්විය. මහීෂ් තීක්ෂණ පන්දුවාර 4ක් යොමුකළ ලකුණු 30ක් ප්රතිවාදීන්ට ලබා දුන්නත් ඔහුට කඩුලු දවා ගැනිමට අවස්ථාවක් නොලැබුණි.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

