saravita-anim2

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

Sports - timelapse 7756 hours ago

LATEST

වාස් ඉල්ලා අස්වීම ඉවත් කර ගනියි

calendar_today 2021 මාර් 26 - 19:41 remove_red_eye - 741  

ශ්‍රී ලංකා ක්‍රිකට් වේග පන්දු යැවීමේ උපදේශක ලෙස පත්වීමෙන් අනතුරුව කෙටි කාලයක් ඇතුළත එම ධුරයෙන් ඉල්ලා අස්වීම ලිපිය යොමුකළ හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉල්ලා අස්කරගෙන තිබේ.

ක්‍රීඩා 07කට අදාළව රුපියල් ලක්ෂයක මාසික දීමනාවකට කොන්ත්‍රාත් ගත වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60 දෙනෙකුට තවත් රුපියල් 25000ක මාසික පෝෂණ දීමනාවක් ලබාදීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය සමඟ ෆොන්ටෙරා බ්‍රෑන්ඩ් ලංකා සමාගම අද (24) දින අත්වැල් බැඳගත්තේය.

Read More

සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමාවන විට සිය දෛවැනි ඉනිම ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 255ක් රැස්කරගෙන සිටියි.

Read More

මීට පෙර පසුගිය පෙබරවාරි 11 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදී ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් නිසි සූදානමකින් තොරව පැමිණිම හේතුවෙන් රැස්වීම අතරමගදී අත්හිටුවනු ලැබූ අතර, නැවත කෝප් කමිටුව හමුවට පැමිණිමට මාසයක කාලයක් ලබා දෙන බව දන්වන ලදී.

Read More

‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස්’ තරගාවලියේ අවසන් තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියානු කණ්ඩායම අතර පැවති තරඟයෙන් ලකුණු 14කින් ජය ගැනීමට ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය.

Read More

උසස් දක්ෂතා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මාසිකව රුපියල් ලක්ෂයක දීමනාවකට ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ කොන්ත්‍රාත්ගතවීමේ ගිවිසුම් අත්සන් තැබීම පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

Read More

‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස්’ තරගාවලියට අදාලව අද පැවැති ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවති දෙවන අවසන් පූර්ව තරඟයෙන් කඩුලු 8කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය.

Read More

වර්ෂ 1996 ලෝක කුසලාන ජයග්‍රාහී මතකය යළි අවදි කරමින්, එම අවසන් මහා තරගයේ නැවත විකාශයක් සහ ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායමේ සමාජිකයන් සහභාගීවන සොඳුරු කථාබහක් ඩයලොග් ආසිආටා අනුග්‍රහයෙන් අද (18 වැනිදා) ‘චැනල් අයි’ ඔස්සේ, විකාශය කිරීමට යෙදී තිබේ.

Read More

ශ්‍රී ලංකාව 1996 වසරේදී එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනා අදට (17දා) වසර 25ක් (රිදී ජුබිලිය) සැපිරේ.

Read More

පන්දුවාර 31.5කදී කඩුලු 6කට ලකුණු 151ක් රැස්කරමින් අසීරු තත්ත්වයක සිටි ශ්‍රී ලංකා කණ්ඩායම තරගකාරී ලකුණු සංඛ්‍යාවකට ගෙන යෑමට අශේන් බණ්ඩාර (55*) හා වනිඳු හසරංග (80*) සමත්වූයේ හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 123ක නොබිඳුණු සබඳතාවක් පවත්වා ගනිමිනි.

Read More

සුපිරි පන්දු යැවීම නිරත වූ නායක තිලකරත්න ඩිල්ෂාන් පන්දුවාර 4ක් තුළදී ලකුණු 6ට කඩුලු 4ක් දවා ගැනීමට සමත්වූයේය. පන්දුවට පහරදීමේදීද පන්දු 26කදී හතරේ පහර 11ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 61ක් රැස්කිරීමට සමත්වූයේය.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර පැවැති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියද 2-0ක් ලෙස තවත් එක් තරගයක් ඉතිරිව තිබියදි ජය ගැනිමට කොදෙව් කණ්ඩායම සමත්විය.

Read More

බටහිර ඉන්දීය කොදෙව්හි තරග සංචාරයක නිරත ඇන්ජලෝ මැතිව්ස් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පළමු එක්දින තරගය ජය ගැනීමට සත්කාරක බටහිර ඉන්දීය කෙදෙව් කණ්ඩායම සමත්විය.

Read More

‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස්’ තරගාවලියට අදාලව අද පැවැති ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති තරඟයෙන් ලකුණු 42කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය.

Read More

‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස්’ තරගාවලියට අදාලව අද පැවැති ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවති තරඟයෙන් කඩුලු 9කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය.

Read More

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වූ අවසන් T20 තරඟය කඩුලු 3කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.

Read More

දිනන්න උත්සාහ කරන්න බලාගෙන ක්‍රීඩා නොකරන බවත් සෑම අවස්ථාවකම ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රීඩා කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය මහතා පවසයි.

Read More

‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස්’ තරගාවලියට අදාලව අද පැවැති ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති තරඟයෙන් කඩුලු 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය.

Read More

ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම පිණිස, මෙරට ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය හා එක්ව, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමෙන්තුවේ සංවිධානයෙන් ‘ඩයලොග් දැල්පන්දු නැගෙන තරු 2021’ (Dialog Netball Rising Stars 2021) නමින් තරගාවලියක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. හෙට දින ජාත්‍යන්තර පිටිය ජයගත හැකි යොවුන් දක්ෂතා හඳුනාගෙන සංවර්ධනය කිරීම මෙම තරගාවලියේ අරමුණයි.

Read More

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වූ දෙව​න T20 තරඟය ලකුණු 43කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති පළමු විස්සයි20 තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට එරෙහිව හයේ පහර හයක් එල්ල කිරමට ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසය තුළ එවැනි දස්කමක් දැක්වූ තෙවැනි පිතිකරුවා වන්නේ කිරන් පොලාඩ්ය. මීට පෙර දකුණු අප්‍රිකාවේ හර්ෂල් ගිබ්ස් හා ඉන්දියාවේ යුවරාජ් සිං එම දක්ෂතාව දැක්වීය.කොදෙව් ක්‍රීඩක කිරන් පොලාඩ් සමත්වූයේය.

Read More

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වූ පළමු T20 තරඟය කඩුලු 4කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.

Read More

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් දුපත් අතර පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලිය හෙට ආරම්භ වෙයි.

Read More

අපි ජීවිතයේ පරාජයට මුහුණපාපු අවස්ථා ගණනාවක් තියෙනවා. 2015 ජනවාරි 08 වැනිදා අපි පරාජය වෙලා ගෙදර ගියා. අපේ පක්ෂය අපිට අහිමි වුණා. මේ රටේ ප්‍රධාන පක්ෂ දෙකෙන් පිට පක්ෂයක් අපි ගොඩනැඟුවා. ගොඩනඟලා අවුරුදු 4ක් ඇතුළත සියලු අභියෝගවලට මුහුණදීලා අපි නැවතත් රටේ ආණ්ඩු බලය දිනාගත්තා. එහෙම කරන්න පුළුවන් වුණේ මම විශ්වාස කරනවා බාල කාලයේ ක්‍රීඩාවේ යෙදිලා ඉවසීම වගේම පරාජයත් පුරුදු වෙච්ච නිසා.යුද්ධයේදිත් අපි යුද්ධයක් ජයග්‍රහණය කරනකොට අපිට අවශ්‍ය ඉවසීම, සටන්කාමීත්ව

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවෙකු ලෙස කලක් කටයුතු කළ ඔස්ට්‍රේලියානු ජාතික ටොම් මූඩි ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ධූරය පත්කර ඇත.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී උප සභාපති තනතුරක් සඳහා තරග කිරීමට නාමයෝජනා භාරදුන් බත්තරමුල්ලේ සීලරතන හිමියන්ගේ නම ප්‍රතික්ෂේප වී තිබෙන බවට වාර්තා වෙයි.

Read More

පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර වෙළඳ හා ආයෝජන කටයුතු සමඟ ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තාන් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සිය ඉහළ පෙළේ නියෝජිත පිරිස සමඟ 2021.02.23 වන දින ශ්‍රී ලංකාවට පැමිණියේය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධුරය සඳහා තරඟ කිරීමට පූජ්‍ය බත්තරමුල්ලේ සීලරත්න හිමියන් විසින් අද සිය නාමයෝජනා භාර දී ඇ​ත.

Read More

උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දෙයි. සිය ​​ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර සිටියේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.