දකුණු අප්‍රිකාවට එරෙහිව අට වසරකට පසු එක්දින තරග ජයක් ලැබීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (12දා) සමත්විය. බංග්ලාදේශයේ ශේර් බංග්ලා ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයෙන් බංග්ලාදේශයට කඩුලු 07ක පහසු ජයක් හිමිවූ අතර, ඒ හේතුවෙන් තරග තුනකින් යුතු තරගාවලිය තරග 1-1 ක් ලෙස සමකිරීමට ඔවුන්ට හැකිවිය.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායමට පන්දුවාර 46 ක් අවසානයේදී සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 162 ක් පමණි. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බංග්ලාදේශ පිතිකරුවෝ තරගයේ 27.4 වැනි පන්දුවාරයේදී එම ඉලක්කය පසුකර යාමට සමත්විය. තරගයේ වීරයා ලෙස බංග්ලාදේශය වෙනුවෙන් පන්දුවට පහරදීමෙන් දක්ෂතා දැක්වූ සෞම්‍ය සර්කාර් සම්මාන දිනාගත්තේය.
දෙරට අතර මේ දක්වා (2002 - 2015) එක්දින තරග 16 ක් පවත්වා ඇති අතර, ඉන් දකුණු අප්‍රිකාවට එරෙහිව බංග්ලාදේශය ලැබූ දෙවැනි ජයග්‍රහණය මෙය වේ. සෙසු තරග සියල්ල (14) ඔවුන් පරාජය වී ඇත.
දකුණු අප්‍රිකාව පන්දුවට පහරදීම / බංග්ලාදේශය පන්දු යැවීම
බංග්ලාදේශය පන්දුවට පහරදීම / දකුණු අප්‍රිකාව පන්දු යැවීම