ඉතිහාසයේ ප්‍රථම වතාවට 2018 වසරේ ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සූදානම් කිරීමට අන්තර්ජාතික පාපන්දු සම්මේලනයෙන් (ෆිෆා) ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට (එෆ්.එෆ්.එස්.එල්) ඩොලර් ලක්ෂ 03 ක (රුපියල් ලක්ෂ 405) ක මුදලක් ලැබී ඇති බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතා ප්‍රකාශ කළේය.
මෙවර (2015) කොත්මලේ චොක්ස් වයස අවුරුදු 19 පහළ අන්තර් පාසල් පාපන්දු තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමට පැවැති මාධ්‍ය හමුවක් අතරතුරදී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.
කොත්මලේ චොක්ස් පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්වෙන කොත්මලේ චොක්ස් පාපන්දු තරගාවලිය මෙම මස ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් මෙහිදී රංජිත් රුද්‍රිගු මහතා ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලේකම් උපාලි හේවගේ, එහි සංවර්ධන කමිටු සභාපති ට්‍රෙවර් රෙකමන් හා කොත්මලේ වොක්ස් ඩෙයරි ප්‍රඩක්ස් පෞද්ගලික සමාගම නියෝජනය කරමින් එහි සන්නාම කළමනාකරු ආදිල් හෆීස් යන මහත්වරුද සහභාගී වී සිටියහ.
ඡායාරූප - ඕෂිත වරකපිටිය