ප්‍රීමා අනුග්‍රහය ශාන්ත තෝමස් විදුහලේ රග්බි ක්‍රීඩාවට
මෙවර අන්තර්පාසල් ලීග් රග්බි තරගාවලියට සහභාගි වන ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ රග්බි කණ්ඩායමට අනුග්‍රහය ලබා දීමට ප්‍රීමා පුද්ගලික සමාගමේ ප්‍රීමා ට්‍රීට්ස් ඉදිරිපත් වී සිටියි.
ඒ පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් මාධ්‍ය හමුවක් අද (18) කොලඹ දී පැවති අතර එහිදී ප්‍රීමා පුද්ගලික සමාගම පැහැදිලි කර සිටියේ දේශීය රග්බි ක්‍රීඩාවේ වර්ධනයට ි ශාන්ත තෝමස් විදුහල ලබා දී ඇති දායකත්වය ගරු කටයුතු බවය. මෙම අවස්ථාවට ශා.තෝමස් විදුහලේ අධිපති ගරු මාක් බිල්මොරියා පියතුමා මෙන්ම ශාන්ත සිලෝන් ඇග්‍රො ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් හි සාමාන්‍යාධිකාරී ෂුන් තියෙන් ෂින් මහතාද සහබාගි වී සිටියහ. මෙහිදී අනුග්‍රාහක චෙක් පත ද ශා. තෝමස් විදුහගල ප්රදානය කෙරින.
ශාන්ත තෝමස් විදුහල පසුගිය වසරේ අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ අනුශූරතාවද හිමි කර ගැනීමට සමත් විය.
ඡායාරූප - ඕෂිත වරකපිටිය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

