ශ්රී ලංකාව, දකුණු අප්රිකාව හා සිම්බාබ්වේ අවුරුදු 19න් පහළ ක්රිකට් කණ්ඩායම් සහභාගි වන දකුණු අප්රිකානු තුන්කොන් ක්රිකට් තරගාවලිය සඳහා ශ්රී ලංකා 19න් පහළ කණ්ඩායම ඊයේ (08දා) රාත්රි‘යේ දිවයිනෙන් පිටත්ව ගියේය.මෙම තරගාවලිය මේ මස 11 වැනිදා ආරම්භ වන අතර, අවසන් මහා තරගය 28 වැනිදා පාර්ලිහි බෝලන්ඩ් පාර්ක් ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. ශ්රී ලංකා සංචිතයට ක්රීඩකයන් 16 දෙනෙකු ඇතුළත් අතර, නායකත්වය ශාන්ත සෙබස්තියන් විදුහලේ අවිශ්ක ප්රනාන්දුට හිමිව තිබේ.
නායක අවිශ්ක ප්රනාන්දු
ඡායාරූප - ඉසුරු පෙරේරා