ඩයලොග් අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ ප්‍රභල මහනුවර හා සී.ආර්. අතර තරගයෙන් ලකුණු 32-27 ක තියුණු ජයක් වාර්තා කිිරීමට මහනුවර කණ්ඩායම සමත් විය.
කොළඹ සී,ආර්. ඇන්ඩ් එෆ්.සී. පිටියේදී පැවති තරගයේ පළමු අර්ධයේදී සී.ආර්. කණ්ඩායම තරමක් දුර්වන ක්‍රීඩා විලාශක් පෙන්වූ අතර ඒ අවසරයෙන් උපරිම ප්‍රයෝජන ගත් මහනුවර ක්‍රීඩකයෝ පළමු අර්ධයේ ඉදිිරියෙන් සිටියේ ලකුණු 24-08 ක් ලෙසිනි.
ජයග්‍රාහී මහනුවර ක්‍රීඩකයෝ ගෝල දිනුම් 2 ක්, උත්සාහක දිනුම් 3 ක් හා එක් ඩ්‍රොප් ගෝලයක් මගින්ද සී.ආර්. ක්රීඩකයෝ් ගෝල දිනුම් දෙකක්, උත්සාහක දිනුම් දෙකක් හා එක දඩුවම් පහරක් මගින්ද සිය ලකුනු රැස් කළහ. මෙය මෙවර තරගවාරයේදි සී.ආර්. හමුවේ මහනුවර ලබාගත් දෙවැනි ජයග්‍රහණය වේ.
ඡායාරූප - ඕෂිත වරකපිටිය