5.30 P.M. දෙවැනි දිනයට තරගය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 34 අවසානයේදී ලකුණු 99ක් රැස්කරගෙන සිටියි. ඒ අනුව පාකිස්තාන පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 352ක් පිටුපසින් සටියි.
සංගා 36* කෞෂාල් 38*
5.21 P.M. සංගා හා කෞෂාල් එක්ව ශ්‍රී ලංකා ඉනිම ගොඩනැංවීම ආරම්භ කළේය. පන්දුවාර 33ක් අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 96ක් රැස්කරගෙන සිටියි.
සංගා 34* කෞෂාල් 37*
3.39 P.M. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙසින් උපුල් තරංග (පන්දුවාර 4.4) පිටියෙන් ඉවත්විය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 8ක් අවසානයේදී ලකුණු 32ක් රැස්කරගෙන සිටියි.
WU Tharanga lbw b Junaid Khan 19 (15b 4x4 0x6) SR: 126.66
සිල්වා 8* සංගා 0*
2.45 P.M. පාකිස්තානු පළමු ඉනිම ලකුණු 451 කට සීමාවිය. පාකිස්තානු ඉනිමේ බිඳ වැටුණු අවසන් කඩුලු පහම දවාගනු ලැබුවේ දිල්රුවන් පෙරේරා විසිනි.
Abdur Rehman c Sangakkara b Perera 50 (94m 61b 6x4 1x6) SR: 81.96
Junaid Khan c Jayawardene b Perera 0 (2m 3b 0x4 0x6) SR: 0.00
මොහොමඩ් තලා 0*
2.21 P.M. පාකිස්තානු ඉනිමේ අටවැනි කඩුල්ල ලෙස දිල්රුවන් පෙරේරාගේම පනදුවක් හමුවේ සහීඩ් අජ්මාල් (පන්දුවාර 134.4) දැවීගියේය. පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 138ක් අවසානයේදී ලකුණු 437ක් රැස්කරගෙන සිටියි.
රෙහෙමාන් 45* තලා 0*
Saeed Ajmal c Jayawardene b Perera 12 (23b 1x4 0x6) SR: 52.17
2.08 P.M. පාකිස්තානු ඉනිමේ හත්වැනි කඩුල්ල ලෙසින් දිල්රුවන් පෙරේරාගේ පන්දුවක් හමුවේ සෆ්රාස් අහමඩ් (පන්දුවාර 126.6) දැවී ගියේය. පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 134ක් අවසානයේදී ලකුණු 421ක් රැස්කරගෙන සිටියි.
අජ්මාල් 10* රෙහෙමාන් 31*
Sarfraz Ahmed c Mathews b Perera 55 (71b 6x4 0x6) SR: 77.46
1.05 P.M. පාකිස්තාන ඉනිමේ නැංගුරම බවට පත්ව සිටි යුනිස් ඛාන් (පන්දුවාර 118.3) පාකිස්තානයේ හය වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්කිරීමට දිල්රුවන් පෙරේරා සමත්විය. ඔවහු පන්දුවාර 120ක් අවසානයෙදී ලකුණු 364ක් රැස්කරගෙන සිටියි.
අහමඩ් 39* රෙහෙමාන් 0*
Younis Khan c Vithanage b Perera 177 (331b 15x4 1x6) SR: 53.47
12.21 P.M. දිවා ආහාරය සඳහා තරගය නිමාකරන විට පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 114 අවසානයේදී කඩුලු 5ට ලකුණු 347ක් රැස්කරගෙන සිටියේය.
යුනිස් 171* සෆ්රාස් අහමඩ් 28*
11.06 A.M. පාකිස්තානු ඉනිමේ පස්වැනි කඩුල්ල ලෙස අශාඩ් ශාෆීක් (පන්දුවාර 101.1) දවාගැනීමට රංගන හේරත් සමත්විය. පාකිස්තානු කණ්ඩායම පන්දුවාර 102ක් අවසානයේදී ලකුණු 299ක් රැස්කරගෙන සිටියි.
යුනිස් 145* සෆ්රාස් අහමඩ් 6*
Asad Shafiq lbw b Herath 75 (147b 8x4 2x6) SR: 51.02
10.11 A.M. පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර ගාල්ල ජාත්‍යනතර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය ආරම්භ විය. පාකිස්තානු කණ්ඩායම පන්දුවාර 91 අවසානයේදී ලකුණු 267ක් රැස්කරගෙන තිබේ.
යුනිස් 133* ශාෆීක් 61*
ඡායාරූප ශාන්ත රත්නායක