4.47 P.M. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙසින් තරංග පිටියෙන් ඉවත්විය. ශ්‍රී ලංක කණ්ඩායම පන්දුවාර 9ත් අවසානයේදී ලකුණු 40ක් රැස්කරගෙන සිටියි. ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා පන්දුවාර 13කදී ලකුණු 59ක් අවශ්‍ය වෙයි.
WU Tharanga b Junaid Khan 12 (20b 2x4 0x6) SR: 60.00
4.02 P.M. පාකිස්තාන දෙවැනි ඉනිම ලකුණු 180ට සීමාකිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 99ක ඉලක්කයක් හිමිවිය. ඒ සඳහා තවත් පන්දුවාර 21ක් ඉතිරිව තිබේ.
පාකිස්තාන ඉනිමේ 9 වැනි හා 10 වැනි කඩුලු ලෙසින් පිළිවෙලින් මොහොමඩ් තලා හා ජුනයිඩ් ඛාන් දැවී ගියහ.
Junaid Khan lbw b Herath 0 (7b 0x4 0x6) SR: 0.00
Mohammad Talha c †Dickwella b Herath 4 (13b 1x4 0x6) SR: 30.76
3.03 P.M. පාකිස්තානු ඉනිමේ හත්වැනි හා අටවැනි කඩුල්ල ලෙසින් පිළිවෙළින් අශාඩ් ශාෆීක් හා අබ්දුර් රෙහෙමාන් දැවී ගියේය. ශ්‍රී ලංකාවට තවත් කඩුලු දෙකක් අවශ්‍යව වෙයි. අද දිනයේ තරගය නිමාවීම සඳහා තවත් පන්දුවාර 32.1ක් ඉතිරිව තිබේ. පාකිස්තානය කඩුලු 8ට ලකුණු 153ක් රැස්කරගෙන සිටියි. ඒ අනුව ඔවුන් ලකුණු 71ක් ඉදිරියෙන් සිටියි.
Abdur Rehman c †Dickwella b Eranga 1 (19b 0x4 0x6) SR: 5.26
Asad Shafiq lbw b Herath 8 (25b 1x4 0x6) SR: 32.00
2.04 P.M. පාකිස්තානු කණ්ඩායමේ නායක මිස්බා උල්හක් (පන්දුවාර 58.1) හා අසාර් අලී (57.5) දවාගැනීමට පිළිවිලින් රංගන හේරත් හා දිල්රුවන් පෙරේරා සමත්වීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් තරගයට පිවිසියේය.
පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 59ක් අවසානයේදී ලකුණු 116 රැස්කරගෙ සිටියි. ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාවට වඩා ලකුණු 34 ක් ඉදිරියෙන් සිටියි. ශ්‍රී ලංකාවට තවත් කඩුලු හතරක් බිඳහෙළිය යුතුයි.
සාෆික් 0* අහමඩ් 1*
Misbah-ul-Haq lbw b Perera 28 (64b 2x4 1x6) SR: 43.75
Azhar Ali c †Dickwella b Herath 41 (151b 4x4 0x6) SR: 27.15
11.59 A.M දිවා ආහාරය සඳහා තරගය නිමා කළේය. පාකිස්තාන කණ්ඩායම පන්දුවාර කඩුලු 4ට ලකුණු 66ක් රැස්කරගෙන සිටියි. ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ඔවුන් තවත් ලකුණු 16ක් පිටුපසින් සිටී. සිවුවැනි කඩුල්ල ලෙස යුනිස් ඛාන් (පන්දුවාර 36.3 )දැවී ගියේය.
මිස්බා 7* අලී 18*
Younis Khan b Herath 13 (25b 2x4 0x6) SR: 52.00
11.25 A.M. පාකිස්තානු ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස අහමඩ් ශේෂාඩ් කඩුලු මුවාකිරීමේ වරදට හසුකර ගැනීමට දිල්රුවන් පෙරේරා (පන්දුවාර 26.5) සමත්විය. පන්දුවාර 31ක් අවසානයේදී පාකිස්තාන කණ්ඩායම ලකුණු 46ක් රැස්කරගෙන තිබේ.
අලී 13* යුනිස් 5*
Ahmed Shehzad lbw b Perera 16 (74b 0x4 0x6) SR: 21.62
10.22 A.M. පාකිස්තානු කණ්ඩායමේ දෙවැනි කඩුල්ල ලෙස සහීඩ් අජ්මාල් (පන්දුවාර 11.2) දවාගැනීමට ධම්මික ප්‍රසාද් සමත්විය. පන්දුවාර 13ක් අවසානයේදී ඔවුන් ලකුණු 11ක් රැස්කරගෙන තිබේ.
ශේෂාඩ් 4* අලී 0*
Saeed Ajmal c †Dickwella b Prasad 4 (21b 0x4 0x6) SR: 19.04
ඡායාරූප ශාන්ත රත්නායක