ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගයීම වෙනුවෙන් 12 වැනි වරටත් පැවති 'පොලිස් වර්ණ රාත්‍රිය' කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පෙරේදා (31දා) සන්ධ්‍යාවේදී නිමාවට පත්විය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, පොලිස්පති පූජිත ජයසුන්දර ඇතුළු අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ සම්භාවනීය අමුත්තෝ රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
පොලිස් වර්ණ ලැබූවන්
ජීවිතයේ එක් වරක් පමණක් පිරිනැමෙන සම්මාන (Life Time Award)
නියෝජ්‍ය පොලිස්පති - ජී.එස්.වල්ගම මහතා (වෙඩි තැබීම)
කාන්තා පොලිස් කොස්තාපල් - ශිරෝමාලි වීරරත්න (බොක්සිං ක්‍රීඩාව)
2009 වර්ෂයේ හොඳම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව
සහකාර පොලිස් අධිකාරී ජේ.පෝද්දල්ගොඩ (වෙඩි තැබීම)
කාන්තා උපපොලිස් පරීක්ෂක ඊ.එම්. පබාවතී (වෙඩි තැබීම)
2010 වර්ෂයේ හොඳම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව
පොලිස් කොස්තාපල් ලක්මාල් රාජසිංහ (දුනු විදීම)
කාන්තා පොලිස් කොස්තාපල් ශිරෝමාලි වීරරත්න (බොක්සිං ක්‍රීඩාව)
2011 වර්ෂයේ හොඳම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව
සහකාර පොලිස් අධිකාරී ජේ. පෝද්දල්ගොඩ (වෙඩි තැබීම)
කාන්තා පොලිස් කොස්තාපල් මිහිරානි (ජීවිතාරක්ෂක)
කාන්තා පොලිස් කොස්තාපල් මදුෂානි (ජීවිතාරක්ෂක)
2012 වර්ෂයේ හොඳම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව
පොලිස් කොස්තාපල් ලක්මාල් රාජසිංහ (දුනු විදීම)
කාන්තා පොලිස් කොස්තාපල් අනුරාධා කරුණාරත්න (දුනු විදීම)
කාන්තා පොලිස් කොස්තාපල් විරාජි චමලිකා (නෙට්බෝල්/ වොලිබෝල්)
2013 වර්ෂයේ හොඳම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව
පොලිස් කොස්තාපල් ලක්මාල් රාජසිංහ (දුනු විදීම)
කාන්තා පොලිස් කොස්තාපල් අනුරාධා කරුණාරත්න (දුනු විදීම)
2014 වර්ෂයේ හොඳම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව
පොලිස් කොස්තාපල් ලක්මාල් රාජසිංහ (දුනුවිදීම)
කාන්තා පොලිස් කොස්තාපල් ශිරෝමාලි වීරරත්න (බොක්සිං ක්‍රීඩාව)
2015 වර්ෂයේ හොඳම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව
උපපොලිස් පරීක්ෂක ඩබ්.ඩී.එල්. ප්‍රනාන්දු (ජීවිතාරක්ෂක)
කාන්තා උපපොලිස් පරීක්ෂක ඊ.එම්. පබාවතී (වෙඩි තැබීම)