සෙන්චූරියන් පිටියෙන් දකුණු අප්‍රිකාවට සැනසීමක්
ජගත් ටෙස්ට් ක්‍රිකට් පිටියේ අංක එකේ කණ්ඩායම බවට පත්ව සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සියලු අභිමානයන් සත්කාරක බිමේදී සම්පූර්ණයෙන් බිඳදැමූ එංගලන්තයට එරෙහිව එකම සැනසිලිදායක ජයග්‍රහණය වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ (26දා) සමත්විය.
සෙන්චූරියන්හි සුපර්ස්පෝර්ස් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැති සිවුවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 280 ක ජයක් ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය. කෙසේ නමුත් තරග 2-1 ක් ලෙස තරගාවලියේ ජය සංචාරක එංගලන්ත කණ්ඩායමට හිමිවිය.
ඉකුත් සිකුරාදා (22දා) ආරම්භ වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 475/10 ක් රැස්කළ අතර, එයට පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායමට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 342/10 ක් පමණි. නැවතත් තම දෙවැනි ඉනිම ක්‍රීඩාකළ දකුණු අප්‍රිකාව ලකුණු 248/5 ක් රැස්කර ඉනිම අත්හිටුවීය. ඒ අනුව එංගලන්ත කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 342 ක ඉලක්කයක් හිමිවූ අතර, එහිදී සියල්ලන් දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 101 ක් පමණි. තරගයේ වීරයා ලෙස දකුණු අප්‍රිකානු කණ්ඩායමේ කාගිසෝ රාබඩා සම්මාන දිනාගත්තේය. ඔහු ඉනිම් දෙක තුළ කඩුලු 13 ක් (7/112 හා 6/32) බිඳහෙළීය.
සමස්ත තරගාවලිය තුළ තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වූ බෙන් ස්ටෝක්ස් තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය. ඔහු පන්දුවට පහරදීමෙන් තරග 04 තුළ ලකුණු 411 ක් හා කඩුලු 12 ක් බිඳහෙළීමට සමත්විය.
බෙන් ස්ටෝක්ස්
දකුණු අප්‍රිකාව පළමු ඉනිම 475/10 (පන්දුවාර 132)
කුයින්ටන් ඩි කොක් (නොදැවී) 129 (128, 4x17, 6x2), ස්ටීවන් කුක් 115 (218, 4x14), හෂිම් අම්ලා 109 (169, 4x19), ටෙම්බා බවුමා 35 (60, 4x5), ඩීන් එල්ගර් 20 (36, 4x3), බෙන් ස්ටෝක්ස් 4/86 (27), මොයින් අලි 2/104 (25), ස්ටුවර්ට් බ්‍රොඩ් 2/91 (28)
එංගලන්තය පළමු ඉනිම 342/10 (පන්දුවාර 104.2)
ඇලෙස්ටියාර් කුක් 76 (186, 4x11), ජෝ රූට් 76 (128, 4x11), මොයින් අලි 61 (101, 4x11), බෙන් ස්ටෝක්ස් 33 (29, 4x5, 6x1), ක්‍රිස් වෝක්ස් 26 (38, 4x4), කාගිසෝ රාබඩා 7/112 (29), මෝනේ මෝකල් 2/73 (23.2)
දකුණු අප්‍රිකාව දෙවැනි ඉනිම 248/5 (පන්දුවාර 83.2)
හෂීම් අම්ලා 96 (199, 4x11), ටෙම්බා බවුමා නොදැවී 78 (154, 4x9, 6x1), ජේ.පී. දුමිනි 29 (64, 4x3, 6x1), ස්ටීවන් කුක් 25 (69, 4x4), ජේම්ස් ඇන්ඩර්සන් 3/47 (18), ස්ටුවර්ට් බ්‍රෝඩ් 1/33 (15)
එංගලන්තය දෙවැනි ඉනිම 101/10 (පන්දුවාර 34.4)
ජේම්ස් ටේලර් 24 (48, 4x4), ජෝ රූට් 20 (56, 4x3), ජොනි බෙයාර්ටෝව් 14 (13, 4x2), කාගිසෝ රාබඩා 6/32 (10.4), මෝනේ මෝකල් 3/36 (12)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
