සැවෝවා 25 - 16 ඇමරිකාව
රග්බ් ලෝක කුසලාන තරගාවලියේ 'බී' කාණ්ඩයේ අද (20දා) පැවති තරගයකින් ඇමරිකා කණ්ඩායම පරාජය කර ලකුණු 25 - 16 ක් ලෙස ජය ලැබීමට සැමෝවා කණ්ඩායම සමත්විය. ජයග්‍රාහී සැමෝවා ක්‍රීඩකයෝ උත්සාහක දිනුම් 02ක් හා දඩුවම් පහර 05 ක් සාර්ථක කරගනිමින් සිය ජයග්‍රහණය සම්පූර්ණ කරගත් අතර, ඇමරිකානු ක්‍රීඩකයන්ට සාර්ථක කරගැනීමට හැකිවූයේ උත්සාහක දිනුම් 02ක් හා දඩුවම් පහර 02ක් පමණි.
මෙම තරගයේ ආරම්භයේ පටන් සිය ජයග්‍රහණය තහවුරුකරගෙන සිටි සැමෝවා ක්‍රීඩකයෝ පළමු අර්ධය අවසන් වනවිට උත්සාහක දිනුමක් හා දඩුවම් පහර 03ක් සාර්ථක කරගනිමින් ලකුණු 14 ක් රැස්කරගෙන සිටි අතර, ඒ වනවිට ඇමරිකානු ක්‍රීඩකයෝ උත්සාහක දිනුමක් හා දඩුවම් පහරක් ආධාරයෙන් රැස්කරගෙන සිටියේ ලකුණු 08 ක් පමණි.
සැමෝවා කණ්ඩායම මෙම තරගයට පිවිසෙන විට ලෝක ශ්‍රේණිගතකිරීම්හි 12 වැනි ස්ථානයේ පසුවූ අතර, ඇමරිකා කණ්ඩායම එහි 15 වැනි ස්ථානයේ පසුවිය.