සමස්ත පිරිමි ශූරතාව ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයත්, එහි කාන්තා ශූරතාව මාස් සදර්න් ක්‍රීඩා සමාජයත් දිනාගනිමින් 2015 ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලිය පානදුර මාස් යුනිචෙලා ආයතනයේදී අද (16දා) නිමාවට පත්විය. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 180කට අධික ප්‍රමාණයක් සහභාගි වූ මෙවර තරගාවලියේ දක්ෂතම ප්‍රහාරකයා සම්මානය හිමි කරගැනීමට ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ එන්.ජී.එස්. ජයවීර සමත් වූ අතර, දක්ෂතම ප්‍රහාරක ක්‍රීඩිකාව සම්මානය හිමි කරගත්තේ මාස් සදර්න් ක්‍රීඩා සමාජය නියෝජනය කළ කේ.එච්. ද සිල්වාය.
ඊට අමතරව තරගාවලියේ දක්ෂතම පරාජිතයා හා පරාජිත ක්‍රීඩිකාව සම්මාන හිමි කරගත්තේ පිළිවෙළින් යුද හමුදා ක්‍රීඩා සමාජයේ ඒ.ආර්. තිලකරත්න හා මාස් තුරුලිය ක්‍රීඩා සමාජයේ ඒ.ඒ. නාමලීය.
88 වැනි වරට පැවැති මෙවර තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් මාස් ඉන්ටිමේට්ස්හි මානව සම්පත් සාමාන්‍යාධිකාරී ලුතිනල් කර්නල් අජිත් සියඹලාපිටිය මහතා සහභාගි විය.
සටහන/ ඡායරූප- ඕෂිත වරකපිටිය