ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස නීතිඥ එරන්දික වැලිඅංගේ මහතා කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (27දා) පැවැති නිලවරණයෙන් නිතරගයෙන් තේරී පත්විය.
වැලිඅංගේ මහතා ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයාද වෙයි. සභාපති ධුරය සඳහා නාමයෝජනා දෙකක් ඉදිරිපත්ව තිබූ අතර, එහිදී එම තනතුරට තරග කළ මර්වින් ප්‍රනාන්දුපුල්ලේ මහතා පසුව ඉල්ලා අස්විය.
කොළඹ ඉසිපතන විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකු වන නව සභාපතිවරයා, ශ්‍රී ලංකා වොල්බෝල් ඉතිහාසයේ එම තනතුරට පත් ළාබාලතමයද වෙයි.
නීතිඥ එරන්දික වැලිඅංගේ මහතා
වොලිබෝල් සම්මේලනයේ නව නිලධාරී මණ්ඩලය
සභාපති - එරංදික වැලිඅංගේ
උපසභාපතිවරුන් - නිමල් පෙරේරා, නිශාන්ත ද කොස්තා, බොනිපස් පෙරේරා, සනත් උත්පල, කන්දසාමි යෝගරත්නම්, රෝහණ සේනාරත්න
ප්‍රධාන ලේකම් - ශාන්තසිරි නාලක
උපලේකම්වරු - සරත් ද සිල්වා, කාන්තසිරි පියසේන.
භාණ්ඩාගාරික - තුෂාර සම්පත් පෙරේරා
උපභාණ්ඩාගාරික - (අපේක්ෂකයෙකු ඉදිරිපත් නොවීය)
පිටිය ලේකම් - කංචන ජයරත්න
සංවිධායක - ඩිලාන් පෙරේරා
ස්වාධීන සාමාජිකයන් - එම්.එම්. සමන් අබේවර්ධන, ක්‍රිෂාන්ති ජයවර්ධන, සිසිර කුමාර අබයසිරිවර්ධන, දවුන්ඩගෙදර චිත්තධම්ම, මුදියන්සේලාගේ ධනපාල, යචින්ත සූරියබණ්ඩාර, දොන් ජයරංජන, ක්‍රිෂාන්ත ප්‍රනාන්දු, රාමසාමි වුණිඅයියා