විවියන් රිචඩ්ස් පාකිස්තානයට
ආසියානු ක්රිකට් කුසලානය හා විස්සයි20 ලෝක කුසලාන ඉලක්ක කරගනිමින් පාකිස්තානු කාණ්ඩායමේ ධනාත්මක උපදේශකවරයා (Mentor) වශයෙන් හිටපු බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු ශ්රීමත් විවියන් රිචඩ්ස් මහතා පත් කිරීමට නියමිත බව 'ප්රේස් ට්රස්ට් ඩෆ් ඉන්ඩියා' වෙබ් අඩවිය පවසයි.
මේ දිනවල ක්රියාත්මක පාකිස්තානු සුපර්ලීග් විස්සයි20 තරගාවලියේ ක්වෙටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමද ධනාත්මක පුහුණුකරුවා වශයෙන් රිචඩ්ස් කටයුතු කරන අතර ඔහුගේ පත්වීම සම්බන්ධව මෙතෙක් නිල ප්රකාශයක් පාකිස්තානු ක්රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර නොමැත.
එසේම පාකිස්තානු කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු වශයෙන් කටයුතු කළ මුෂ්ටාත් අහ්මඩ් එරට ජාතික ක්රිකට් ඇකඩමිය වෙත අනුයුක්ත කිරීමේ ඇති වූ පුරප්පාඩුව සඳහා අදාළ තරගාවවලි ද්විත්වයට පාකිස්තානු පන්දු යැවීමේ පුහුණුකරු වශයෙන් අසාර් මහ්මුද් පත්කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
