ලෝක කුසලානයේ පළමු වටය ඇරඹෙයි
රටවල් 16 ක් විස්සයි20 ක්රිකට් කිරුළේ බලවතා වීමට සැරසෙන විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ පළමු වටයේ තරග නිල වශයෙන් අද (08දා) ඉන්දියාවේදී ආරම්භ වේ.
ඒ අනුව බංග්ලාදේශය, නෙදර්ලන්තය, අයර්ලන්තය හා ඕමානය %ඒ^ කාණ්ඩයෙනුත්, ස්කොට්ලන්තය, සිම්බාබ්වේ, ඇෆ්ගනිස්තානය, හොංකොං 'බී' කාණ්ඩයෙනුත් තරග වැදීමට නියමිත අතර, එම කාණ්ඩවලින් පෙරමුණ ගන්නා පළමු කණ්ඩායම පමණක් ප්රධාන තරගාවලියට එක්වීමට නියමිතය.
පළමු වටයේ තරග ආරම්භ කරමින් අද හොංකොං හා සිම්බාබ්වේ ද ඇෆ්ගනිස්තානය හා ස්කොට්ලන්තයද තරග කිරීමට නියමිතය. විස්සයි20 ලෝක කුසලානයේ ප්රධාන තරගාවලිය මෙම මස 15 වැනිදා ඉන්දියාව හා නවසීලන්තය අතර තරගයෙන් ආරම්භ වන අතර, ශ්රී ලංකාව සිය පළමු තරගයට සහභාගි වනුයේ 17දා 'බී' කාණ්ඩයෙන් සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම සමගිනි. ශ්රී ලංකා කණ්ඩායම අද (08දා) සවස ඉන්දියාව බලා පිටත්වයාමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
