බැඩ්මින්ටන් තහනම ඉවතට
ශී‍්‍ර ලංකා බැඩ්මින්ටන් සංගමයට එරෙහිව පනවා තිබූ තහනම සම්පූර්ණයෙන් ඉවත් කිරීමට ලෝක බැඩ්මින්ටන් සම්මේලනය කටයුතු යොදා ඇත.
ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ ලේකම් තෝමස් ලුන්ඩ් මහතාගේ නිර්දේශය මත ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ වත්මන් සභාපති සුරාජ් දන්දෙනිය මහතා වෙත ඊයේ (10දා) ලිපියක් යොමුකරමින් මේ බව දැනුම්දී ඇත.
ඉකුත් සතියේ (05දා) පැවති බැඩ්මින්ටන් නිලවරණය ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ව්‍යවස්ථාවට අනුකූලව පැවති බව පිළිගන්නා බව එම ලිපියේ සඳහන් වේ. මෙම නිලවරණයේ අධීක්ෂණ කටයුතු සඳහා ලෝක බැඩ්මින්ටන් සංගමයේ නියෝජිතයෙකු හා ජාතික ඔලිම්පික් කමිටුවේ නියෝජිතයෙකු පැමිණ සිටියහ.
කෙසේ නමුත් ලෝක බැඩ්මින්ටන් සංගමය විසින් මීට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ජාත්‍යන්තර තරග සඳහා සහභාගිවීමට පනවා තිබූ තහනම ඉවත්කර තිබූ අතර, ඒ අනුව ශ්‍රී ලංකාවට පනවා තිබූ සියලු තහනම් මේ වනවිට ඉවත්කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
