ප්‍රාන්ත ක්‍රිකට් තරගයක් අතරතුර කලහකාරී ලෙසින් හැසිරුණු බර්මියුඩා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තරග තහනමක් පැනවීමට බර්මියුඩා ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත.
මෙලෙස දඬුවම් නියම කර ඇත්තේ ජේසන් ඇන්ඩර්සන් නම් 36 හැවිරිදි ක්රීඩකයෙකුටය. ඔහු බර්මියුඩාවේ ක්ලෙව්ලෑන්ඩ් නම් ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ නිත්‍ය කඩුලු රකින්නා වෙයි.
ඔහු පසුගියදා (12) විලෝ කට්ස් ක්‍රීඩා සමාජය සමග පැවැති තරගයකදී පන්දුවට පහරදෙමින් සිටි ජෝජ් ඔ'බ්‍රයන් සමග ගැටුමක් ඇතිකරගත්තේය. බර්මියුඩා ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කරනුයේ ජේසන් අන්තර්ජාතික ක්‍රිකට් නීතිපොතේ හතරවැනි මට්ටමේ නීතියක් කඩ කොට ඇති බවයි.
තරග තහනමට ලක්වූ ජේසන් ඇන්ඩර්සන්
ගැටුම ඇතිකරගන්නා අයුරු පහතින් නරඹන්න
https://youtu.be/q-tB5RfErg0