දෙවැනි දිනයේ වැඩි ගෞරවය නවසීලන්තයට
ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක නවසීලන්ත සභාපතිගේ කණ්ඩායම අතර කුයීන්ස්ටවුන් එවන්ට්ස්හි පැවැත්වෙන තෙදින පුහුණු තරගයේ දෙවැනි දිනට අද (04දා) තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්ත සභාපතිගේ කණ්ඩායම පන්දුවාර 69ක් අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 288 ක් රැස් කරගෙන සිටියේය.
නොදැවී කඩුල්ලේ රැඳී සිටින ශෝන් හික්ස් ලකුණු 34 ක් හා ටිම් ජොන්සන් ලකුණු 06 ක් රැස්කරගෙන සිටිති.
අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ (03දා) දිනයේ ක්‍රීඩාකළ හැකි වූයේ පන්දුවාර 40 ක් පමණි. දිනය නිමා වනවිට පළමුව පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05 ක් දැවී ලකුණු 97ක් රැස් කරගෙන සිටියේය. කෙසේ නමුත් අද දිනයේ ලකුණු 193කට ශ්‍රී ලංකා ඉනිම අවසන් විය. ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ දිමුත් කරුණාරත්න ලකුණු 93ක් රැස්කළේය.
ශ්‍රී ලංකා පළමු ඉනිම
නවසීලන්ත සභාපතිගේ කණ්ඩායම
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
