ක්‍රිකට් පිටියේ 4කගේ උපන්දිනය අද
ලෝක ක්‍රිකට් පිටියේ ක්‍රීඩකයන් සිවුදෙනෙකුගේ උපන්දින අදට (27දා) යෙදී තිබුණි. ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර අද 38 වැනි වියට පා තැබීය.
ලෝක ක්‍රිකට් පිටියේ වාර්තා රැසකට හිමිකම් කියන සංගා එක්දින පිටියේ ශතක හතරක් අඛණ්ඩව රැස්කළ ලොව පළමු හා එකම ක්‍රීඩකයා වෙයි.
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකුගේ උපන්දිනයද අදට යෙදී තිබේ. ඒ මාක් ටේලර් හා ඩේවිඩ් වොනර්යි. වෝනර් ඊයේ 29 වැනි වියට පා තැබීය.
ඔස්ට්‍රේලියාවේ හිටපු ආරම්භක පිතිකරුවෙක් හා නායකයෙක් වන මාක් ටේලර් 51වැනි වියට පා තැබීය. ඔහු ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඉනිමකදී වැඩිම ටෙස්ට් ලකුණු ප්‍රමාණයක් රැස්කළ පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයේ පසුවෙයි. ඒ නොදැවී ලකුණු 334ක් රැස්කරමිනි.
අද උපන් දිනය සැමරූ අනෙක් ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක ඉර්ෆාන් පතන්ය. ඉර්ෆාන් 31 වැනි වියට පා තැබීය.

.jpg)

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
