ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා
තමන්ට රට වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට හැකියාවක් නොමැති අතර හැමවිටම පෞද්ගලිකත්වය වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරිමට උත්සාහ කළ බවත්, එය අවසානයේදී රට වෙනුවෙන් ජයග්‍රහණයට බලපාන බවත් ශ්‍රී ලංකා හිටපු විස්සයි20 නායක ලසිත් මාලිංග පැවසීය.
මාලිංග මේ බව සඳහන් කළේ විස්සයි20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යාමට පෙර ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ ඊයේ (08දා) පැවැති සුබ පැතීමේ උත්සවය අතරතුරදීය.
එහිදී මාලිංග පවසා සිටියේ ඔහු අවුරුදු 12 ක් රට වෙනුවෙන් හිතට එකඟව ක්‍රීඩා කළ බවත්, ලෝක කුසලානයේදී කණ්ඩායමේ ස්ථානයක් සඳහා අවස්ථාවක් ලැබේ යැයි විශ්වාස නොකරන බවත්ය. යම් හෙයකින් අවස්ථාවක් ලැබුණහොත් ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍ර‘යෝජන ගෙන ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කීය.
"මම බලාපොරොත්තු වෙනවා ලෝක කුසලානයේ පළමු තරගයට ක්‍රීඩා කරන්න. දක්ෂ ක්‍රීඩකයන් 14 දෙනෙක් ලෝක කුසලානයට යන නිසා මම හිතන්නෙ නැහැ මට එකපාරටම කණ්ඩායමට ඇතුළත්වීමට හැකිවේවි කියලා. මටත් බංකුවේ ඉඳගෙන බලාගෙන ඉන්න වේවි අවස්ථාව ලැබෙනකම්.
අවස්ථාවක් ලැබුණොත් රට වෙනුවෙන් කියලා ක්‍රිකට් ක්‍රීඩා කිරීමට හැකියාවක් මට නැහැ. මම පෞද්ගලිකත්වය වෙනුවෙන් කඩුලු දවාගන්න උත්සාහ කරනවා. මම නිතරම හිතන දෙයක් තමයි පෞද්ගලිකව ක්‍රිකට් ක්‍රීඩා කළොත් එය අවසානයේ රට වෙනුවෙන් බලපානවා කියලා. මට තරගයක් ලැබුණොත් එහිදී මගේ උපරිම දක්ෂතාව දක්වන්න අපේක්ෂා කරනවා. එය රට වෙනුවෙන්ද, මං වෙනුවෙන්ද කියන කාරණය මට අදාළ නැහැ.
පන්දු යවන්නෙක් ලෙස කණ්ඩායමේ රැඳී සිටීමට නම් මම කඩුලු දවාගත යුතුයි. මට කඩුලු දවාගැනීමට හැකියාවක් නොමැති නම් කණ්ඩායමේ රැඳෙන්න බලාපොරොත්තුවක් නැහැ. තරගයක් අවසානයේ මගේ නම යටතේ කඩුලු කිහිපයක් සටහන් විය යුතුයි. එතකොට තමයි මම මං වෙනුවෙන් දෙයක් කර තිබෙන්නේ. එය අවසානයේදී රටවෙනුවෙන් බලපාන්න පුළුවන්."
popular news
ඊශ්‍රායලයේදි අතරමං වූ තරුණයා පවුලේ ඥාතීන්ට භාර දෙයි
විදුලි බල සේවකයෝ කැමැත්තෙන් ලිපි දෙති
ඇල්ල අනතුරට පත් බස් රථය ගැටුණ ජීප් රියේ කැමරා පද්ධතියේ පටිගතවීමේ පහසුකම් නෑ
රාජ්‍ය මුද්‍රණ ලොක්කාගේ අනුමැතය නොමැතිව නිලධාරින් පහක් ලක්ෂ 102ක මැතිවරණ දීමනා ලබාගෙන
මම ඩොලර් බිලියන 22ක් දීලා ගියේ, මම මොකටද මේවා අරගන්නේ
ජනපතිගේ වත්කම් ප්‍රකාශයේ නැති තොරතුරු උදය කියයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd