ඉන්දීය කාන්තාවන් හමුවේත් ශ්‍රී ලංකාව පසුබසී
අයි.සී.සී. කාන්තා ශූරතාව වෙනුවෙන් පැවැත්වෙන ශ්‍රී ලංකා ඉන්දීය කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින තරගයෙන් ලකුණු 107 ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් විය. ඒ අනුව තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දියානු කාන්තාවන්ට හැකිවිය.
ඉන්දියාවේ රාංචිහි අද (15දා) පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීම තෝරාගත්තේය. ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50කදී කඩුලු 6ක් දැවී ලකුණු 245ක් ලැබූ අතර, ස්ම්රිටි මන්දානා (55) හා හර්මන් කොවුර් (50) අර්ධශතක ලබමින් ඉනිම ශක්තිමත් කළහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කාන්තාවන්ගේ ගමන පන්දුවාර 45.2 කදී ලකුණු 138කට සීමාකිරීමට ඉන්දියාවේ පූනම් යාදව් ප්රමුඛ දඟපන්දු බැළඇණිය සමත්විය. ප්‍රසාදිනී වීරක්කොඩි ලකුණු 69ක් ලබමින් හුදකලා සටනක නිරත වුවද ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය. දෙවැනි එක්දින තරගය හෙට (17දා) රංචිහිදී පැවැත්වීමට නියමිතය.
ස්ම්‍රිට් මන්දනා
ඉන්දියා කාන්තා කණ්ඩායම 245 / 6 (පන්දුවාර 50 )
ස්ම්රිටි මන්දනා 55 (පන්දු 81, 4X8), හර්මන්ප්රිටි කොවුර් 50 (පන්දු 61, 4 X4), උදේෂිකා ප්‍ර‘බෝධනී 38/2 (පන්දුවාර 10)
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 138/10 (පන්දුවාර 45.2)
ප්‍රසාදිනී වීරක්කොඩි 69 (පන්දු 113 , 4 X7), ඕෂධී රණසිංහ 18 (පන්දු 48 4X2), පූනම් යාදව් 22/4 (පන්දුවාර 7.2)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
