ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් තරග වට 3-1 ක් ලෙස පරාජයට පත් කරමින් මෙවර ඇමෙරිකානු විවෘත ටෙනිස් කිරුළ තමන් සතු කරගැනීමට සර්බියාවේ නොවැක් ජේකොවිච් සමත් විය.
ඊයේ (13) පැවති තරගයේ අවසන් ලකුණු තත්ත්වය දැක්වුණේ 6-4, 5-7, 6-4 ක් හා 6-4 ක් ලෙසිනි. ජේකොවිච් මීට පෙර මෙම වසරේ පැවති ඔස්ට්‍රේලියානු හා විම්බල්ඩන් ග්‍රෑන්ඩ්ස්ලෑම් ශූරතාද හිමි කර ගැනීමට සමත් විය.
මෙම ජයග්‍රහණය ජේකොවිච්ගේ දසවැනි ග්‍රෑන්ඩ්ස්ලෑම් ශූරතාව මෙන්ම දෙවැනි ඇමෙරිකානු විවෘත ශූරතාවද වේ. ඔහු වත්මන් ටෙනිස් පිරිමි ඒකල ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසු වේ.